hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 04, පෙ.ව. 11:53



බසයක යමින් සිටියදී පොලිස් වෙඩි උණ්ඩයකට නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවූ ඉරේෂා ශ්‍යාමලී නමැති තම දියණිය වෙනුවෙන් සැලකිය යුතු වන්දියක් ඉල්ලා ඉදිරියේදී නීත්‍යනුකූල පියවරක් ගන්නා බව දංඕවිටදී මියගිය තරුණියගේ මව වන සුනේත්‍රා ජයමාන්න මහත්මිය පැවසුවා.

මහමග යන විට මෙයාකාරයෙන් තවකෙකු මියයෑම වළක්වාලීමේ අරමුණින් තම දියණිය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව පැවසූ ඇය ඇතැම් අය මානව හිමිකම් කොමිසමට යන ලෙසටත්, තවත් අය සාධාරණ වන්දියක් ඉල්ලා අධිකරණයට යන ලෙසටත් යෝජනා කරන බවද කියා සිටියා.

මේ මොහොතේ තමාත් දියණියගේ පියාත්, දියනියගේ සොයුරු සහ සොයුරියත් සිටින්නේ දරාගත නොහැකි වේදනාවෙන් බවත් මොනදේ කළත් මියගිය දියණිය යළි නොලැබෙන නිසා මොන දේ කළත් සිත සුවපත් නොවන බව ඒ මව සඳහන් කළා.

කොල්ලකරුවන්ට එල්ල කළ වෙඩි පහරක් බස් රථයේ ගමන්ගත් දියණියගේ හිසට එල්ලවීම සම්බන්ධයෙන් ‘සමාවෙන්න’ කියා පොලිසිය සියල්ල අවසන් කිරීමට උත්සාහ දරන මුත් මේ විප්‍රයෝගයේ දුක දැනෙන්නේ තම පවුලේ උදවියට බවද ඒ මව හැඬූ කඳුළින් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: