hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 9:17



අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු ඥානා මෑණියගේ දේවාලයට ගොස් පූජාවක් පවත්වා යළි නිවස බලා පැමිණෙමින් සිටියදී සිය නැගණියට වෙඩි වැදුණු බව දංඕවිට ප්‍රදේශයේදී වෙඩි පහරකට ලක්ව මියගිය ඉරේෂා ශ්‍යාමලීගේ වැඩිමහල් සොහොයුරු ප්‍රසාද් කුමාර වතුපිටිවල රෝහලේදී සාක්කි දෙමින් සඳහන් කළා.

බෙන්තර, හබුරුගල, වන්නිගහවත්තේ පදිංචිව සිටි බෝමිරියගේ දොන් ඉරේෂා ශ්‍යාමලී නමැති තරුණියගේ ඛේදජනක මරණය කාගේත් දෙනෙත් කඳුළින් තෙමයි.

ඉරේෂාට තදබල ග්‍රහ අපල ඇතැයි ඇසූ ඇගේ වැඩිමල් සොහොයුරා “අම්මේ නංගිට ලොකු අපලයක් තියෙන බව කිව්වනේ. මම හිතා ඉන්නේ නංගිට සෙත් කවියක් ලියවගෙන ඒක අනුරාධපුරේට ගිහින් කියවන්න. ඒ ගමන් දින හතක් විතර අනුරාධපුරේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරියේ බෝධි පූජාවකුත් තියන්න ඉන්නේ. ඒක නිසා නංගිව අපේ ගෙදරට එවන්න.” අම්මාට පවසා තිබෙනවා.

අයියාත්, නෑනාත් සමඟ දින හයක්ම අනුරාධපුරයට ගොස් සෙත් කවියත් කියවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරියේ බෝධි පූජාත් පවත්වා හය වැනි දවසේ මේ තිදෙනා කොළඹ බලා එන බස් රථයකට ගොඩවූයේ රෑ මැදියම් කාලයේයි.

නිදිමත ඉහ වහා ගොස් තිබූ නිසා බසයේ සිටි සෑම දෙනාටම තදින් නින්ද ගිය අතර බස් රථයද වේගයෙන් ධාවනය වෙමින් තිබි තිබෙනවා.

පොලිසිය මේ අතර කොල්ලකරුවන් රැසක් සමඟ පලා යන වෑන් රථයක් ලුහු බඳිමින් සිටි අතර, මරුවා වෙඩි උණ්ඩයක සැඟවී බස් රියේ පිටුපස වීදුරුවත් කඩා ගෙන ඇයගේ සියලු අපල උපද්‍රව සමඟ දිවි සැරියද නිම කර දැමීමට තරම් කුරිරු වූයේ කවුරුත් නොසිතූ අයුරින්.

ඇයගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (05) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: