hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 03, පෙ.ව. 11:46



මීරිගම, දංඕවිට ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමක් අතරතුර බසයක සිටි තරුණියක් වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය බෙන්තොට හඹුරුගල පදිංචි 29 හැවිරිදි කාන්තාවක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කොල්ලකරුවන් වෙත එල්ල කළ වෙඩිල්ලක් ඇයට වැදී ඇතැයි විශ්වාස කරන බවයි.

එම වෙඩිතැබීමේ සිද්ධිය වී ඇත්තේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මීරිගම දංඕවිට මංසන්ධියේදීයි.

අද (02) අලුයම දෙකට පමණ පුද්ගලයන් කණ්ඩායමක් දංඕවිට ප්‍රදේශයේ තැබෑරුමක් කොල්ලකෑමට පැමිණ ඇතැයි ප්‍රදේශවාසීන් පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් වහාම එතැනට ළඟා වී ඇති අතර එම අවස්ථාවේ කොල්ලකරුවන් උත්සාහ කර ඇත්තේ ඔවුන් පැමිණි මෝටර් රථයේ නැගී පළා යාමටයි.

එහිදී පොලිස් නිලධාරීන් කෙල්ලකරුවන් වෙත වෙඩි තබා තිබෙනවා.

කෙසේවෙතත් එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් බස්රථයක සිටි කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

වෙඩි වදින අවස්ථාවේ ශාමලී සිට ඇත්තේ කහටගස්දිගිලිය සිට කොළඹ දක්වා ගමන්ගනිමින් තිබූ බස් රථයක පිටුපස ආසනයේ.

ඇය ඉඳුරුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරමින් සිට ඇති අතර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක සංචාරක කළමනාකාරීත්වය පිළිබඳ උපාධිධාරිනියක් වෙනවා.

මියගිය තරුණියගේ මව මෙසේ අදහස් දක්වා සිටියා,

“අයියයි, අක්කයි එක්ක ගිහිල්ලා මේ පුජාවල් තියෙලා එන ගමන් තමයි ඊයේ රෑ මම වෙලාවක් දැන්නේ නැහැ. එකට දෙකට වගේ කිව්වේ. ඇවිල්ලා බස් එකේ සද්දයක් ඇහුණාලු හයියෙන්ම. බලනකොට නංගි වැටිලා. ලේ එනවා දැකලා. පොලීසියට ගිහිල්ලා වතුපිටිවල රෝහලට ඇතුළත් කළා කිව්වා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: