hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 17, පෙ.ව. 12:04



ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් කලා ලෝකයට ඇවිල්ලා ගොඩ ගොඩක් දෙනෙක්ගේ ආදරේ දිනා ගත්තු ආදරණීය චරිතයක්.

සිනමා ක්ෂේත්‍රය තුළ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් ආන්දෝලනාත්මක චරිත රැසක් ඇසුරු මේ වෙද්දි නිරූපණය කරලා තියෙනවා.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට කීපයකටත් විශිෂ්ඨ ගණයේ ටෙලි නිර්මාණයන් කීපයකටත් ඔහු ප්‍රධාන චරිත වලින් දායකත්වය දීපු නිසා රංගන ශිල්පියෙක්ට අමතරව දක්ෂ නිවේදකයෙක් විදිහටත් කලාව තුළ නියැලෙන්න ඔහුට අවස්ථාව උදාවුණා.

කලා ක්ෂේත්‍රයට එන්න කලින් ඔහු ආරක්ෂක අංශයේ රැකියාවක් කරපු පුද්ගලයෙක් කියන්නත් ගොඩක් දෙනෙක් දන්නවා.

ඒ දේවල් අමතක කරලා කලාවට ආපු ඉසුරු අද තමන්ගෙම කියලා කියල ස්ථාවරත්වයක් හදාගෙන.

මේ දිනවල ඉසුරුව අපට දකින්න ලැබෙන්නේ පසුගියදා තිරගත කිරීම් ආරම්භ කළ උදයකාන්ත වර්ණසූරියගේ ‘රිදී සීනු’ සිනමා නිර්මාණයෙන්. 

විවාහ වෙන්නේ කවද්ද? තත්තා කෙනෙක් වෙන්නේ කවද්ද?මේ අවුරුද්දේ විවාහ වෙනවා කියලත් රාවයක් යනවා.

(සිනාසෙමින්) ඒක නම් බොරු. තාම මට මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මුණගැහිලා නෑ. එහෙම කෙනෙක්ව මට මුණගැහෙයි කියලා හිතෙන්නෙත් නෑ. ඒ නිසා මේ අවුරුද්දේ ඉතින් එහෙම දෙයක් වෙන්නේ නෑ. මොකද තනියම බඳින්නයෑ.

ඒ කියන්නේ ඔබ ආදරේ කරලාවත් නැහැ?

ආදරේ කරලා තියෙනවා. ඒක නෑ කියන්නේ නෑ.

ඒ පැරණි ප්‍රේම කතා එක්ක බලද්දී ඉසුරුට ආදරේ ගැන එහෙම හිතෙන්නේ මොනවද?

මං හිතන්නේ ආදරේ කියන්නේ අනෙක් අය කියනවා වගේම සුන්දර දෙයක්. ඒත් ඒක සුන්දරද අසුන්දර ද කියලා තීරණය වෙන්නේ අපේ තේරීම් එක්ක. ඔය තේරීම කියන දේ හරියට කළොත් ආදරේ හරිම සුන්දරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: