hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 17, පෙ.ව. 12:27



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ජැක්සන් ඇන්තනී මහත්මයා පිළිබඳව ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිඳ කුමාරි මුනසිංහ සහ වැඩිමහල් පුතු අකිල ධනුද්දර එක්තරා රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා.

එහිදී තමන්ගේ පියාගේ නවතම තත්ත්වය ගැන විමසූ විටා අකිල පැවසුවේ මෙන්න මෙවැනි කතාවක්.

“අප්පච්චි සුව වෙමින් පවතිනවා සහ අප්පච්චි සුව වෙනවා සත්තයි. ඒ ගැන අපිට වෙන විශ්වාසයක් නැහැ. මම දෙමව්පියො ගැන හිතන විදිහ හරි වෙනස්. මම පුංචි කාලේ ඉඳලා බඳින්නයි කැමැති වුණේ. මම මගේ ජීවිතයට අරගෙන තියෙන සියලු තීරණ මම කැමතිව හෝ නැතිව අරගෙන තියෙන්නේ එක එල්ලයක් දක්වා. ඒ කියන්නේ දවසක මම මගේ ජීවිතේ උපරිමය දක්වා ජීවත් වෙලා මම කොහෙ ගියත් මම මමමයි. ඒක වෙනස් කරන්නේ නැහැ. මේ අවුරුදු තිස්තුනම මම ජීවත් වෙලා තියෙනවා. මම ආස ජීවත් වෙන්න මගේ අම්මයි තාත්තයි නිසා.

අප්පච්චිගෙ පැත්තෙන් හිතනකොට මම හිතුවා අප්පච්චිට 100යි මට 68යි අපි දෙන්නා යන්නේ එකට කියලා. මේ වෙලාවෙත් මගේ විශ්වාසය ස්ථීරයි. මම කියන්නේ මම විතරක්ම නෙමෙයි. මම කියන්නෙ තුන්දෙනෙක්. අපේ සහෝරදයෝ තුනක් ඉන්නවා. ඒ හින්දා අප්පච්චි සුව වෙනවා. ඇස්පිල්ලමත් කිඹුහුමත් අපිට ලොකු දෙයක්. අපි ආදරේ කරන්නේ දැන් හරි අමුතු ලෝකෙක ඉඳලා. අපි කෑල්ලෙන් කෑල්ල ජීවිතයකට ගියා. දවසින් දවස විනාඩියෙන් විනාඩිය අපි බලාගෙන ඉන්නවා. අපේ ජීවිතවලට අමුතු හැඩයක් ඇවිල්ලා තියෙනවා. ඒ හැඩය ගැන අපි කාටවත් කතා කරන්නේ නැහැ අපි වැඩේ කරනවා. අපි සුබවාදීව හිතමින් ඉන්නවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: