2023 ඔක්‍තෝබර් 16, ප.ව. 7:04
            
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමනක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.
කොහොම වුණත් ජැක්සන් නම් මේ කලා කෙත අස්වැද්දූ මේ රංග පෞරුෂය ගැන අපට ඇති මතකයට වඩා වැඩි මතකයක් ඔවුන්ගේ හිත තුළ ඇති.
ඔහු අනතුරට ලක් වූ පසු ඔහු අසලින් සිටි චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා දැක් වූ අදහස් කිහිපයක්.
“මගේ ජීවිත කාලයේ මගේ පරම්පරාවේ ජැක්සන්ට සම කළ හැකි වෙන චරිතයක් නැහැ.මීට අවුරුද්දකටත් වැඩි කාලයක සිට ඔහුගේ අහිමි වීම අපේ අභාග්‍යයක්.ඒ වගේම ඔහුගේ අහිමි වීම මතභේදයට තුඩු දුන් දෙයක්.ජැක්සන්ගේ හදිසි අනතුර, රිය අලියාගේ ගැටීම ම පමණක් නොවෙයි, ඔහු ඒ අනතුරෙන් සුවපත් වුණා.ඊට පසුව දෙවැනි වතාවට තමයි මේ අකර්මන්‍ය තත්ත්වයට පත් වුණේ. ඒක කොහොමද වුණේ කියන දේට වෛද්‍යවරුන් පිළිතුරු දිය යුතුයි.ඒ ගැන දැනට මතභේදයක් තියෙනවා.නමුත් ඒ මතභේදය හමුවේ වෛද්‍යවරුන් නිහඬයි.ඒ ගැන කතා කළ යුතුයි.මං හිතනව යම් කිසි දවසක මාධ්‍ය ඒ ගැන කතා කරන්න පටන්ගත්තොත් අපිට ඒ ගැන ප්‍රශ්න කරන්න දේවල් තියෙනව.වෛද්‍යවරු ඒවාට පිළිතුරු දිය යුතුයි.කොහොම වුණත් ජැක්සන් කියන ඒ සුවිශේෂී චරිතය අපිට අහිමි වෙලා ඉවරයි. ඒ පාඩුව අපිට දැනෙනව.ඒක පුරවන්න බැරි අඩුවක්.”
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25