hit counter

2024 මැයි මස 28 වන අඟහරුවාදා

2023 ජූනි 07, පෙ.ව. 12:24



ජැක්සන් ඇන්තනී කියන්නේ සිංහල සිනමාවටත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත්  විශාල සේවයක් ඉෂ්ඨ කරපු කලාකරුවෙක් කියන්න කොයි කවුරුත් දන්නවා.

එදා හදිසි අනතුර නිසා තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා ජැක්සන් වෙනුවෙන් බලන් ඉන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නේ.

පසුගිය කාල වකවානුව පුරාවටම සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා ජැක්සන්ට විතරක් ඇයි මෙහෙම විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ කියන දේ.

ඒ වගේම ජැක්සන්ගේ මේ වෙද්දි හදවත විතරයි වැඩ කියලත් තවත් බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබ්බා.

සමාජ මාධ්‍ය හරහා ජැක්සන් ගැන කතා කරන එක රැල්ලක් බවට පත් වෙච්ච කාල වකවානුවක් තුළ ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පසුගිය දවසක නැවත වතාවක් සමාජ මාධ්‍ය හරහා කතාබහ කරන්න පටන් ගත්තා.

පසුගියදා රෝගාතුරව සිටින ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ ඉක්මන් සුවය පතා ඇන්තනී පවුලේ නිවසේ ධර්ම දේශනා පිංකමක් පැවැත්වුණා.

මේ අවස්ථාවට ඇන්තනී පවුලේ සාමාජිකයන් මෙන්ම ඥාතීන්ද සහභාගි වුණා.

එම ධර්ම දේශනය පැවැත්වෙන අවස්ථාවේ වීඩියෝ පටයක් මාධවී ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. එහි එක් වීඩියෝ පටයක ස්වාමීන් වහන්සේ මෙසේ දේශනා කරනවා.

“මහපොලොවෙ පය ගහලා ජීවත් වෙන බොහොම නිහතමානී පිංවන්ත මනුස්සයෙක්. ඒ වගේම එතුමාට මේ අනතුර සිදුවුණාට පසුව අපටත් යම්කිසි සංවේගයක් ඇති වුණා. වටිනා කෙනෙක්ට හදිසියේ මේ කරදරය සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපට පුළුවන් ආකාරයට එතුමාට ආශිර්වාද කිරීමටයි අප මෙහි පැමිණිලා ඉන්නේ පොසොන් පෝය දවසට පසු දින.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: