hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:04



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

දරුවෙක්ට තාත්තා කෙනෙකුගේ අගය දැනෙන්න නම් එයත් කවදාහරි ලොකු වෙලා තාත්තා කෙනෙක් වෙන්න ඕන කියනවා නේ.

ඉතින් ඒ අගය දැනෙද්දී ඊට වඩා දෙතුන් ගුණයක් ලොකුවට මහා පාළුවක් දැන් නම් අඛිලට දැනෙනවා ඇති.

ඔහුගේ පියා යුග පුරුෂයෙක්. ඒත් එක්කම රටට වටිනා කියන චරිතයක්. ඔහුන් කාලයක් ඒ තාත්තා එක්ක එකට හිටියා හැදුනේ වැඩුනේ ඒ සෙවණේ.

එතකොට ඒ රූස්සගහේ සෙවන ඔවුන්ට ලැබුනා. ඒ රැකවරණය ඒ දැනුම නිසාම අද ඒ මතක ගොඩක් රසවත් ඇති.

ඒත් එක්කම සකී පුංචි දෝණිට ඒ ආදරය ලබන්න පුළුවන් වුණේ බොහොම ටික කාලයයි. ඒ වගේම සකීට කවදා හරි දවසක සීයත් එක්ක ඉන්න මතක කීපයක් හරි තියනවා.

ඉතින් මේ මතක මේ විදිහට සමාජ මාධ්‍යවලට එකතු කරනකොට නම් ඇත්තටම අඛිල ගොලු වෙනවා ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: