hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 23, ප.ව. 4:22



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

ඒ එක් ඡායාරූපයක් පමණක් සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහකට හේතුවක් වුණා.

ඒ ගැන බලන්න මේ ලින්ක් එක‍ට යන්න : බුකියේ ඇවිලු‍ණු ජැක්සන් ඇන්තනීගේ දේහය බලන්න ආ නාඳුනන්නිය කවුද? – ජායාරූපයක් නිසා මුහුණුපොත යළි ඇවිලෙයි

ඔහොම කතා බහක් ඇති වෙලා තියෙන වෙලාවක ජැක්සන්ගේ ලොකු පුතා වෙච්ච අකිල අමුතු සටහනක් සිය මුහුණුපොතට එකතු කරනවා.

එම සම්පුර්ණ සටහන පහතින්,

නැගිට්ටවනන තිබුනේ පුදුම අදිෂ්ඨානයක් .අම්මට උදව් ලැබුනා අපේ නෑදෑ පරපුරෙන් ,අපෙන්….. දිනූෂා අක්කාගෙන් අපිට දෙවියො එවපු කෙනෙක් කොහොම හරි අවසානයේ………… ඒවා…කියල වැඩක් නෑ…….

අම්ම මේවා කොහොම ඉවසනවද මන්දා?

එයා පහුගිය අවුරුද්දේ හයියට ඉදලා අප්පච්චිගෙ වැඩ බැලුවා එච්චර බලාපොරොත්තුවක් තියන් ඉදල ඒක කඩවෙලත් ….ඒ වගේම එතනින් එහාටත් අපිට ආදර්ශයක් වෙන්නද කොහෙදෝ කෙලිං ඉන්නවා ,හයියට ඉන්නවා ..

අප්පච්ච හැමවෙලේම කිව්වා 1983 ඉදං “ජැක්සන් ඇන්තනී” කෙනෙක් නෑ ‘කුමාරි මුණසිංහ’ නැත්තං කියලා අපිට ඒ කතාවත් කිව්වා(ඒක දිග කතාවක්) අපිට කියන්න තියෙන්නේත් අපිත් 2022 ඉදං නෑ “කුමාරි මුණසිංහ” ගේම අතට ගත්තෙ නැත්නං මට මගෙ අම්මා ගැන පුදුම ආඩම්බරයි…

ඒ වගේම එයාගේ හයිය හිත රිද්දන්න බලන මුකුත් නොදන්න “චූටී දරුවො ” ගැන දුකයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: