2023 ජූලි 25, පෙ.ව. 12:01
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා.
මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.
ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.
මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
ඊයේ අපි ඔබට කිව්වා මතක ඇති මාධවී සිය පියා ගැන කිව්ව කතාව.
ඇය එහිදී කියා සිටියේ වෛද්‍යවරුන් කියන දේ විශ්වාස කරගෙන සිටින බවයි.
ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ පසුගියදා යුටියුබ් නාලිකාවක සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතාගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
“ඇත්තටම ඔහු සුව වෙමින් ඉන්නවා. අද වෙනකොට සෑහෙන්න ප්‍රගතියක් පෙන්නුම් කරනවා. ඔහු දෑස් විවර කරන්න පටන් අරන් දැන් මාස 4ක් 5ක් වෙනවා. ඔහු ඇස් අරිනවා. කට හොලවනවා. ඔහු හැඟීම් ඉඟි වලින් දෙනවා. ඔහු සුවය කරා ලං වෙමින් ඉන්න බව පේනවා”
2026 ජනවාරි 20, ප.ව. 1:29
2026 ජනවාරි 20, පෙ.ව. 12:19
2026 ජනවාරි 20, පෙ.ව. 12:14
2026 ජනවාරි 20, පෙ.ව. 12:07
2026 ජනවාරි 19, ප.ව. 1:15
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26