hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 23, ප.ව. 4:08



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

ඒ රංගන පෞරුෂයට ආදරය කරන පිරිස අදටත් ඔහුගේ මතකයත් එක්ක ඔහු සමගම ඉන්නවා.

දැයෙන් සමුගත් සකල කළා සක්විති ජැක්සන් ඇන්තනී මහතාගේ රුව රැෆෙලාගේ මෙවර තරු කැලැන්ඩරයට එකතු වෙලා තියෙනවා.

”ඇත්තටම පණ පිහිටවලා වගේ. මම හරි සංවේදී වුණා මේ පිංතූරය මුලින්ම දකිනකොට. මේ නිර්මාණකරුවන්ට මම මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා. ඇත්තටම ජැක්සන්ගෙ වටිනාකම දකින අය මේ කරන ව්‍යායාමය ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. තව බොහෝ කාලයකට ජැක්සන්ගේ දැනුම අවශ්‍ය වෙයි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට, කලා ක්ෂේත්‍රයට, ඒ වගේ හුඟක් ක්ෂේත්‍රවලට… ඇත්තටම පුදුම දුකක් තියෙන්නෙ. අවුරුදු 65කට හුඟාක් වැඩ කරපු කෙනෙක්. හැබැයි ඔහුගේ පැසුණු දේවල් මම දන්නවා මම ගෙදර හිටපු කෙනෙක් හැටියට, තව කොච්චර දේවල් කරන්න හිටියද කියලා. ඒ ටික කරන්න කලින් මෙහෙම යන්න වෙච්ච එක ගැන, හරි පසුතැවීමක් සහ දුකක් තියෙනවා. කරන්න දෙයක් නෑ. මම බෞද්ධ කෙනෙක්. ඇති වන හැමදේම නැති වෙනවා කියන ධර්මතාවයට හිස නමන්න වෙනවා. මොනව කරන්නද. අපි දෙන්නගෙන් කවුරු හරි ඉස්සර වෙන්න වෙනවා. ඉස්සර අපි දෙන්නා රණ්ඩු කරනවා මම ඉස්සර වෙලා යන්නෙ කියලා. කොහොමත් ජැක්සන් දිනුවා. මේ කරදරවලින් නිදහස් වෙලා දැන් එයා නිදහස්ම තැනක ඉන්නවා මට විශ්වාසයි. අපි තාම කරදරෙන් ඉන්නවා. මේ කරදර ඉවර වෙච්ච දවසක මාත් එතෙන්ට යන්න බලාපොරොත්තු වෙනවා….”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: