hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 12:09



කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පියෙක් තමයි අකිල ධනුද්දර කියන්නේ.

පුංචි තිරයටත් වඩා සිනමා නිර්මාණ හරහා රිදී තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන අකිල මේ දවස් වල ටිකක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ.

ඒකට හේතුව සිංහ බාහු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වැඩ කටයුතු වෙනුවෙන් ඔහුගේ සම්පූර්ණම කාලය වෙන් කරන්න වෙන නිසා.

ඒ වගේම අකිල ගැන කතා කරද්දි අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ ඔහුගේ ආදරණීය පියා වන ජැක්සන් ඇන්තනී මහත්මයාව.

ඔහු හදිසි අනතුරක් නිසා අප අතරෙන් සමු අරගෙන මේ වෙද්දී මාස හතරකුත් ගත වෙලා.

ඒ අතරතුර කාලෙදි තාත්තෝ මිහිදන් කරපු ඒ පල්ලියේ සුසාන භූමිය වෙතට ගිහින් නොයෙකුත් අවස්ථාවන්වලදී අඛිල ඒ මතකය ආවර්ජනය කරන්න අමතක.

ආයෙමත් සැරයක් අකිල තාත්තව මතක් කරමින් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

ඔහුගේ වැඩිමහල් පුතු අඛිල ,මෙන්න මේ විදිහට මුහුණු පොතට පෝස්ටුවක් එක් කරලා ජැක්සන්ගේ අවසන් රංගකාර්‍ය ගැන මතකය අලුත් කරලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: