hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:00



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.

අනෙක් අතට, වැඩසටහනකට එක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද සඳහන් කළේ යම් බලවේගයක් හෝ හස්තයක් මේ පිටුපස ඇති බවයි. 

මෑතක වැඩසටහනකට එක්වෙමින් ජැක්සන්ගේ සොහොයුරු සුදත් ඇන්තනී ද සඳහන් කළේ අදාළ තීරණය වෛද්‍යවරුන් අත ඇති බවයි.

පසුගිය දිනෙක රංගන ශිල්පී සුදත්ත තිලකසිරි, සෞඛ්‍ය ව්‍යත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් සමඟ සාකච්ඡාවක් සිදු කළ අතර, සාකච්ඡාව අතරතුරදිත් ජැක්සන් ගැන අදහස් දැක්වීමක් සිදු කෙරුණා.

‘මට ලෝයර්ස්ලා කිහිප දෙනෙක් ම ගත්තා. ඒක පුද්ගලික ඇරියස් එකක් නෙවෙයි, කුමාරි එක්ක තියෙන. ලෝයර්ස්ලා කිවුවා අපි නඩු දානවා කියලා. නමුත් මට ඒකට මුකුත් කියන්න බෑ කියලා මම කිවුවා…’ 

‘මට ජාතික රෝහලේ තොරතුරු එනවා, මේ වෙනකොට අමාත්‍යංශ මට්ටමෙන් සාකච්ඡා වෙනවලූ. ඒගොල්ලො මේ ගැන කතා කරනවලූ. වෛද්‍යවරු තුන්දෙනෙක් ඉන්නවලූ ජැක්සන් අයියා භාරව.. පවුල පැත්තෙන් කුමාරිලා පෙෂර් කරනවලූ. මෙතන වැරැද්දක් වෙලා තියනවා, කතා කර කර හිටපු ජැක්සන් යම් උවදුරකට ලක්වෙලා තියනවා වෛද්‍යවරු අතින්. ඒ නිසා කුමාරි කියලා තියනවා, වෛද්‍යවරුන්ට, උඹලා මේක ගැළවුවොත්, එළියට දැම්මොත් බලාගෙනයි කියලා… මම මේ අම්මපල්ලා ඇත්තක් කිවුවේ…’යනුවෙන් සුදත්ත තිලකසිරි සඳහන් කළා.

රවී කුමුදේශ් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා, ‘ඕක මුලින්ම කිවුවේ සෝමරත්න දිසානායක… එයාට වෛද්‍ය වෘත්තීය ගැනත් අවබෝධයක් නැතුවාම නෙවෙයි. ඇත්තද බොරුද කියන එක නෙවෙයි, ඒ චෝදනාව ඇත්ත කියන්නත් බෑ බොරු කියන්නත් බෑ….. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ භාර්යාවටත් කියන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යවරුන්ටත් මේක ක්ලීයර් කරගන්න බෑනේ. පළවැනි එක තමයි, අපි ඔය පැමිණිල්ල විභාග කළ යුතුයි…’ 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: