hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 10:00



ප්‍රවීණ රංගධරයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙක, නිෂ්පාදකවරයෙකු මෙන්ම ගායකයෙකු ද වූ ජැක්සන් ඇන්තනී මහතා අද (09) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 65 වැනි වියේ පසුවුණා.

2022 වසරේ ජුලි මස 22 වැනිදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය, වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක්වුණේ, අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දීයි.

මේ වෙනකොට මුහුණුපොතේ ජැක්සන්ට නිවන් සුව පතමින් බොහෝ දෙනෙක් සටහන් තබනවා.

හැබැයි ඒ සටහන් තබන බොහෝ දෙනෙක් විවේචනය කළේ ජැක්සන්ගේ රෝහලේ ඇඳ ගැනයි.

ඒ කොහොම වුණත් මේ වෙනකොට ජැක්සන් සිය ජිවන ගමනට තිත තබා තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ජැක්සන් ඇන්තනී මහතාට නිවන් සුව පතා සිය මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.

එම සටහනට කමෙන්ට්ස් එකතු කරන බොහෝ දෙනෙක් සඳහන් කර තිබුණේ “මීළඟ වාරය ඔබේ” යනුවෙනුයි.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අභාවය පිළිබඳ අසා මම බලවත් කනගාටුවට පත්වූයෙමි. විශිෂ්ට රංගන ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, ගායකයෙක්, නිවේදකයෙක්, ගත් කතුවරයෙක්, චිත්‍ර ශිල්පියෙක් ආදී වශයෙන් ඔහු කලා ක්ෂේත්‍රයට සහ අපේ රටට සිදු කළ සේවය අසමසමය.

එසේ ම ඔහු අපට ඉතා ම සුහදශීලී ප්‍රියමනාප මිතුරෙකු විය. ජැක්සන් ඇන්තනී නික්ම යාමෙන් සිංහල කලා ක්ෂේත්‍රයේ ඇති වන හිඩැස පිරවීමට සමත් කිසිවෙකු නොමැත බව මගේ විශ්වාසයයි.

විශිෂ්ට කලාකරුවාණෙනි, ඔබ අපේක්ෂා කළ විමුක්තිය අත්වේවා!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: