hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 1:41



මියගිය ජැක්සන් ඇන්තනී මහතා මාරාන්තික අනතුරට ලක්වන්නට පෙර සිංහබාහු චිත්‍රපටයට සම්බන්ධ සාකච්ඡාවක් අතරතුර තමන් ජීවිතයේ අපේක්ෂා කළ ඉලක්ක සියල්ල සම්පූර්ණ කරගන්නට බැරිව යාම ගැන කණස්සල්ලෙන් කථාකළ අයුරු හා තමන්ගේ අඩි පාරේ යන දරුවන් තිදෙනා ඒවා ඉටුකරාවි යන විශ්වාසය නිසා තමා පරාජය භාර නොගන්නා බව කියමින් සිදුකළ විශේෂ කතාව මෙපරිදිය.

“මම මේ විවිධ ක්ෂේත්රවල ඉන්නවා තමයි සෝමේ කිව්වා වගේ. හැබැයි කුඩා කාලයේ ඉඳල මගේ එකම අරමුණ සිනමාකාරයෙක් වෙන්න. පුංචි කාලේ පකිස් පෙට්ටියකට තාත්තගෙ කෑලි 6 ටෝච් එක ගැට ගහලා බිත්තියට චිත්‍රපට පෙන්නපු මිනිහෙක් මම. ඒනිසා කුඩා කාලයේ සිට චිත්රපට අධ්යක්ෂවරයෙක් වෙන්න උත්සාහ කළාට අපි ප්රවිෂ්ටය ගත්තෙම මහා ඛේදවාචක යුගයක් මැද්දෙ. මට දැන් වයස අවුරුදු 63 ක්. මං තාම චිත්‍රපට තුනයි කරල තියෙන්නෙ. මගේ ගෙදර මම ලියාපු චිත්‍රපට අටක් විතර තියනවා. චිත්රපට තුනෙන් මට මැරිල යන්න වෙයිද කියල හරි දුකෙන් හිටියේ.

මගෙන් පස්සෙ මගේ සිහිනය සැබෑ කරන්න මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. උන් මගේ සිහිනය සැබෑකරනවා. සෝමෙ කීවා වගේ අනාගතේ. ඔවුන්ගේ මාවත. මලින් සුවඳින් පිරිච්ච මාවතක් නොවනවා වෙන්න පුළුවන්. හැබැයි උන් හැදිලා තියෙන්නෙම ඉගෙන ගෙන තියෙන්නෙ උන්ගෙ ඇගයීම් තියෙන්නෙ මේ කලා ක්ෂෙත්‍ර යේමයි. එ් නිසා ඔවුන් ට කලා ක්ෂේත්රයේ මට යන්න බැරි වෙච්ච දුර යාවි. මට ජයග්රහණය කරගන්න බැරිතැන ජයග්රහණය කරාවි. මට කඩා ගන්න බැරිවෙච්ච සිහිනය නෙළා ගනීවි කියන විශ්වාසය මා තුළ තියෙන නිසා මං පරාජය බාර ගන්නේ නැහැ. මම පරාජය බාර ගන්නේ නැහැ. මුන් තුන්දෙනාගෙම ජයග්රහණය බාරගන්නවා. මගේ චූටි පුතා දගයා අද  ලොකු මිනිහෙක් බව ඔප්පු කළා. සියයට සියයක් ඔහුගේ හැකියාවෙන් ඔහු එය ඔප්පු කළා.“





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: