hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:45



රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාට සිදුවූයේ මරණීය අනතුරක් නොවන බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා සඳහන් කරනවා.

රෝහල් ගත කිරීමෙන් පසු ඔහුට සිදු කරන ලද පළමු ශල්‍ය ශල්‍යකර්මයෙන් පසුව ඔහු කතාබහ සිදු කල නමුත් ඉන්පසු සිදුවූයේ කුමක්දැයි අපහැදිලි බව ද හෙතෙම කියා සිටියා.

මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇති බවත් වෛද්‍යවරුන් මේ පිළිබඳව පැහැදිලි කළ යුතු බවත් හෙතෙම සඳහන් කළා.

ජැක්සන් ඇන්තනි මහතාට මෙම හදිසි අනතුර සිදු වූයේ තමන්ගේ සිංහබාහු චිත්‍රපටයට රංගනයෙන් දායක වෙමින් සිටියදී බවද ඔහු තවදුරටත් කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ ජැක්සන් ඇන්තනි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: