hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 2:07



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

මේ වෙනකොට ජැක්සන්ව බලන්න ගොඩක් දෙනෙක් ජයරත්න මල්ශාලාවට පැමිණෙමින් සිටිනවා.

ඒ අතරේ කලාකරුවෝ, දේශපාලඥයින් සහ ඔහුගේ රසික ප්‍රජාවද වෙනවා.

එම අවමංගල්‍ය උත්සවය සඳහා පැමිණි ජනප්‍රිය රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා අදහස් දක්වමින් කියා සිටියේ හදවතේ මිතුරා දැන් ඉතින් හදවතටම ඉතුරු වුණා යනුවෙනුයි.

එමෙන්ම කුරිරු මිනිසුන් වපුරපු අවස්ථාවාදී ප්‍රකාශ පිළිබඳව කතා කිරීම ප්‍රයෝජනයක් නැති බවත් ඔහු කියා සිටියා.

කමල් අද්දරආරච්චි මහතා අදහස් දැක්වූ සම්පුර්ණ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: