hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 4:50



අප්පච්චී කියන්නේම ලෝකයක්. අකිලටත් ඒ පාඩුව අඩුවක් නැතුව දැනෙනවා ඇති.

ඉතින් මේ ගෙවෙන්නේ දරුවෙක් විදිහට ඔහුට ගොඩක් අමාරු කාලයක්.

එයත් දැන් තාත්තා කෙනෙක් නිසා අකිලට ඒ දුක දැනෙනවා වැඩි ඇති.

ඒ කතා කොහොම වුණත් ක්ෂේත්‍රයේ එයාලට ඉන්න ඕන විදිහ එක්කම එයාලාට හැදෙන්න ඕන විදිහ කියලා දෙන්න ඇත්තේ එයාලා ක්ශේත්‍රයේ දුරක් යනවා බලන්න ජැක්සන් ඇන්තනී මහතා කැමැත්තෙන් හිටපු නිසා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.

කොහොම වුණත් කලාකරුවෙකුගේ දරුවෙක් නිසා සමහර තැන්වලදී ඔහුන්ට ලැබුණ පිලිගැනීම වැඩියි.. ඒත් එක්කම මිනිස්සුන්ගේ ආදරය ගොඩක් ලොකුවට අකිලට දැනෙන්න පටන්ගන්නෙ ඔහු කුඩා කාලයේදීමයි..

මේ ජනප්‍රියත්වය එක්ක කවුරුත් ආදරය කරන ජැක්සන් ඇන්තනී නම් මේ ප්‍රතාපවත් චරිතය දරුවන්ට හොඳ උපදෙසක් ලබලා දීලා.

ඔහු නම් කියන්නේ හැමදාමත් තමගේ දරුවන්ට සමාජයේ පවතින්න පුළුවන් විදිහ කියලා අකිල කියන මේ කතාවෙන් තේරෙනවා.

“අප්පච්චී කොහොමත් කිව්වා අනිත් ළමයින්ට වඩා අපි ටිකක් වෙනස් කියලා.. සමහර වෙලාවට අපිට ලැබෙන දේවල් වැඩී.. සමහර වෙලාවට ඒක අපිට අවාසියක්… කොහොම වුණත් අප්පච්චී එක්ක යනකොට අපිට තිබ්බ ආකර්ෂණය වැඩියි.. අපි තනියම යනකොට එහෙම නෑ… මං කොහොමත් ඒ කාලේ ජනප්‍රිය නෑනේ.. ඒ නිසා මට කොහොමත් මේ වෙනස හොඳින්ම තේරුනා.. මිනිස්සුන්ගේ ආදරයේ වටිනාකම අප්පච්චී අපිට කියලා දුන්නා.. “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: