hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 11:09



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

මේ වෙනකොට ජැක්සන්ව බලන්න ගොඩක් දෙනෙක් ඊයේ ජයරත්න මල්ශාලාවට පැමිණියා.

ඒ අතරේ කලාකරුවෝ, දේශපාලඥයින් සහ ඔහුගේ රසික ප්‍රජාවද වෙනවා.

මේ වෙන විට ජැක්සන්ගේ දේහය ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිට බොහෝ පිරිසක් මේ වනතෙක්ම එම නිවසට පැමිණෙමින් සිටින්නේ තම හිතවතාට අවසන් ගෞරව දැක්වීමටයි.

ඒ කරුණු කොහොම කෙසේවෙතත් මේ වෙනකොට මුහුණුපොතේ ජැක්සන්ව පතුරු අරින පිරිසක් ද නැතුවම නොවෙයි.

ඒ වගේම ජැක්සන් ගැන බොරු පුවත් මවා විව්ස් ගන්නා යූටියුබ් නාලිකාද තියෙනවා.

ඔවුන් විසින් එම නාලිකාවල පළ කරන වීඩියෝ සඳහා යොදා ගන්නා ජායාරූප දැකපු සැණින් ඒවා ව්‍යාජ බව පෙනුනත් මේ ආතල්ලන්තේ මිනිස්සුන් ඒවා නරඹා ඇති බව සක්සුදක් සේ පැහැදිලියි.

එම ව්‍යාජ වීඩියෝ නරඹා ඇති ප්‍රේක්ෂකයින් ලක්ෂ ගණනින් බව ඔබට මේ ජායාරූපය මඟින් පැහැදිලි වෙනවා ඇති.

ඉහත ජායාරූපය නරඹන යම් තරමක් ඔලුවක් තියෙන මනුස්සයෙක්ට නම් ඒක ව්‍යාජ එකක් කියලා තේරෙනවා.

ඒකට මහා දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.

ජැක්සන් කියන්නේ දැනුම් ගබඩාවක්. ඔහු සිහියෙන් සිටියා නම් සමහර විට ඔහු ICU ඇඳ එපා කියා ජීවිතය අතහරින්න තිබුණා.

ඒ කොහොම වුණත් මේ වෙනකොට ඔහු ජිවන සටන හමාර කර අවසන්. එහෙව් එකේ මෙවැනි දෑ දැන්වත් නතර කර දැමිය යුතුයි.

ජැක්සන්ගේ පවුලේ උදවියට මේවා කොයි තරම් පිඩාකාරී ඇත්ද?

අපේ කෙනෙක්ට මෙහෙම දෙයක් සිදු වුණා නම් ඒ එන මානසික පීඩනය අපි දරා ගන්නේ කොහොමද කියලා මොහොතක් හිතට එකඟව සිතා බැලිය යුතු නොවේද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: