hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මැයි 02, පෙ.ව. 12:28



අපේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ඉන්න තවත් අති දක්ෂ සිනමා තරුවක් එහෙමත් නැත්නම් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් තමයි සෝමරත්න දිසානායක මහත්මයා කියන්නේ.

ඉතින් ඔහුගේ නවතම චිත්‍රපටයක් පසුගිය කාලයේ රූපගත කිරීම් කළා.

ඒ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය නියෝජනය කළේ ජැක්සන් ඇන්තනි මහත්මයා.

මීට මාස ගණනාවකට පෙරදී ජැක්සන් ඇන්තනි මහත්මයා මේ චිත්‍රපටය රූගත කිරීම් අවසන් කරලා අනුරාධපුර ප්‍රදේශයෙන් නිවස බලා එන අතර තුරේදී දරුණු රිය අනතුරකට ලක්වෙනවා.

එම අවස්ථාවේ ජැක්සන්ව රෝහල්ගත කරන්න කටයුතු කරන්නෙ සෝමරත්න දිසානායක මහතා විසිනුයි.

සෝමරත්න දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා.

”කෙලින්ම රෝහල් සේවකයෝ ආවා. දොස්තරවරු තීරණය කරා ජැක්සන්ට බරපතලයි කියලා. සී.ටී. ස්කෑන් එක බලද්දී තේරුණා ඔහුට අමාරුයි කියලා. ජැක්සන් අපි එක්ක කතා කළා. බෙල්ල අමාරුයි, බෙල්ල රිදෙනවා, හුස්ම ගන්න අමාරුයි කියලා කිව්වා. එදා එළිය වැටෙන කොට ඔපරේෂන් එක කළා. ඔපරේෂන් එකෙන් පස්සේ මගේ අත අල්ලගෙන මචං මොකද වෙන්නේ ඇහුවහම මම කිව්වා උඹ සනීප වෙලා වරෙන් කියලා. අපි හිතුවේ සති දෙකකින් නැගිටලා එයි කියලා. ඒ නිසා තමයි මම කිව්වේ සිංහයා නැගිටලා එයි කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: