hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 2:12



අපේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ඉන්න තවත් අති දක්ෂ සිනමා තරුවක් එහෙමත් නැත්නම් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් තමයි සෝමරත්න දිසානායක මහත්මයා කියන්නේ.

ඉතින් ඔහුගේ නවතම චිත්‍රපටයක් පසුගිය කාලයේ රූපගත කිරීම් කළා.

ඒ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය නියෝජනය කළේ ජැක්සන් ඇන්තනි මහත්මයා.

මීට මාස ගණනාවකට පෙරදී ජැක්සන් ඇන්තනි මහත්මයා මේ චිත්‍රපටය රූගත කිරීම් අවසන් කරලා අනුරාධපුර ප්‍රදේශයෙන් නිවස බලා එන අතර තුරේදී දරුණු රිය අනතුරකට ලක්වෙනවා.

ඇත්තටම ඔහු ගමන් කරපු කැබ් රථය ඉස්සරහට අලියෙක් එනවා.අන්න ඒ අවස්ථාවේදී තමා මේ රිය අනතුර සිද්ධ වෙන්නේ.

ඒ වන විටත් මේ රථය ඇතුලෙ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ සහෝදරයෙක් ඉඳලා තියෙනවා.

ඊට පස්සේ අනතුර සිද්ධ වුණහම ජැක්සන් ඇන්තනි මහත්මයා කියල අඳුන ගත්තෙ කියලා අඳුන ගත්තු පිරිසක්  ඔහු රෝහල් ගත කරන්න පියවර ගත්තා.

ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ඒ තැනට චිත්‍රපටි චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහත්මයත් ආවා.

ඉතින් ඒ අවස්ථාවේදී අවස්ථාවේ දී ඔහු ජැක්සන් ඇන්තනි මහත්මයා වාහනේ දාගෙන කෙලින්ම රෝහලට අරගෙන ගිහින් තියෙනවා.

ඔහුගේ ඔඩොක්කුවට තමයි ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ඔලුව තියාගෙන ගිහින් තියෙන්නෙ.

ඒ වෙද්දිත් බෙල්ල බෙල්ල කියලා ජැක්සන් ඇන්තනි මහත්මයා කෑ ගහලා තියෙනවා. 

කොහොම නමුත් ඔහු අනුරාධපුර ප්‍රදේශයෙන් කොළඹ ජාතික රෝහලට මාරු කරාට පස්සේ හැමෝම හිතුවේ සතියකින් දෙකකින් එතුමාට සුව වෙයි කියලා.

හැබැයි තත්වය නරක අතට හැරුණු නිසා ජීවිතයත් මරණයත් අතර තියන අවදානම් සහගත ශල්‍යකර්මයක් කරන්න ඕනි  කියලා ජැක්සන්ගේ පවුලේ හැමෝගෙන්ම වෛද්‍යවරුන් අවසර ඉල්ලලා තියෙනවා.

හැබැයි මේ ශල්‍ය කර්මයෙන් ශල්‍යකර්මයෙන් අනතුරුව තමයි ජැක්සන් ඇන්තනි මහත්මයා මුලදී කතා කරපු වචන කීපය වත් කතා කරලා නැත්තෙ.

ඉතින් හැමදාමත් ඔහු බලන්න ගියපු පුද්ගලයෙක් විදිහට සෝමරත්න දිසානායක තමන්ගේ අතිජාත මිත්‍රයෝ ජැක්සන් ඇන්තනි ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“කෙලින්ම රෝහල් සේවකයෝ ආවා දොස්තරවරු තීරණය කරා ජැක්සන්ට බරපතලයි කියලා.සී ටී ස්කෑන් එක බලද්දි තේරුණා ඔහුට අමාරුයි කියලා. ජැක්සන් අපි එක්ක කතා කළා බෙල්ල අමාරුයි බෙල්ල රිදෙනවා හුස්ම ගන්න අමාරුයි කියලා කිව්වා.එදා එළිය වැටෙන කොට අපි ඔපරේෂන් එක කළා.ඔපරේෂන් එකෙන් පස්සේ මගේ අත අල්ලගෙන මචං මොකද වෙන්නේ ඇහුවහම මම කිව්වා උඹ සනීප වෙලා වරෙන් කියලා.අපි හිතුවේ සති දෙකකින් නැගිටලා ඒ කියලා ඒ නිසා තමයි මම කිව්වේ සිංහයා නැගිටලා එයි කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: