hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 14, පෙ.ව. 1:06



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාල වල විවිධ වාර්තා පල වෙමින් තිබෙනවා.

එවන් තත්ත්වයක් තුළ ප්‍රවීණ නළු ඩබ්ලිව්. ජයසිරි ද මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජැක්සන් මහතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබුණා.

එම සටහන පහතින්,

ජැක්සන්,මචං,මට

එහෙම උඹව අමතන්න පුලුවං.මේ කාලයේ උඹ ගැන

විවිධ කයිකතන්දර එහෙමෙහෙ වෙනව.මොනවද කියල උඹට කවුරු හරි කියනව ද මම

දන්නෙ නැහැ.උඹ මැරිල ද පණ තියෙනව ද කියල දන්නෙත් නැහැ.

ඒ ගැන පවුලෙ කවුරුත් කියන්නෙ නෑ.උඹ ගැන හොයාබලන දොස්තර මහත්තුරු කියන්නෙත් නෑ.

උඹ ගැන නන්දොඩවන අයට උඹ පිළිතුරු

දෙන්නෙත් නෑ.උඹ නං විශ්මකර්ම මිණිහෙක්.අනික් මිණිස්සුන්ට ප්‍රතික්‍රියා දක්වමින් වචන හරඹ කරන

දවස්වල වගේම එහෙම නො කරන මේ දවස්වලත් උඹ

හරිම ජනප්‍රිය යි.

ඉතිං උඹ හා මම

මරා හා සාද් ලෙස

රඟපෑ “මරාසාද්”

නාටකයේ උඹ කියනව වගේ කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළා අලුත් ඇහැකින් ලෝකය දෙස බලමු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: