hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 07, පෙ.ව. 7:19



රුදුරු ඝාතනයක ගොදුරත් බවට පත්වූ උතුම් මානුෂීය ගුණාංගවලින් පිරි තම පුතණුවන්ගේ මරණය පිළිබඳව විමර්ශන සිදුවෙමින් පවතින මෙම මොහොතේ පුරෝකථන මත අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් වලකින ලෙස සිය බාල පුතු වන දිනේෂ්ගේ මරණය පිළිබඳව මුල් වට මාධ්‍ය අමතමින් ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර නායකයකු සහ ක්‍රිකට් පරිපාලකයකු වන චන්ද්‍ර ෂාෆ්ටර් පවසනවා.

ජනශක්ති රක්ෂණසමාගමේ නිර්මාතෘවරයා ලෙසින් සැලකෙ චන්ද්‍ර ෂාෆ්ටර් පසුගිය දෙසැම්බර් මාසයේ මිය ගිය දිනේෂ් ෂාෆ්ටර් ගේ පියාණන්ය.

ඔහු මෙතෙක් කිසිදු මාධ්‍යයකට සිය බාල පුතුගේ මරණය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර නොතිබූ අතර තිබුණේ නැත.

චන්ද්‍රා ෂාෆ්ටර් මුල් වරට ඒ පිළිබඳව කතා කරන්නේ ඊයේ දිනයේ ය. ඒ Daily FT ඔස්සේයි.

ඔහු සිය සටහනින් පවසන්නේ දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත්වූ දෙසැම්බර් 15 වැනිදා දහවල් අවසන් වරට සිය බාල පුතු හමුවූ බවයි.

සිය බාල පුතු දිනේෂ් සම්බන්ධව චන්ද්‍රා ෂාෆ්ටර් කර ඇති සම්පූර්ණ ප්‍රකාශය මෙසේයි.

මගේ බාල පුතා දිනේෂ්ගේ මරණයට පාදක වූ තත්ත්වයන් සහ ඔහුව කුරිරු ලෙස ඝාතනය කිරීමට හේතුව කුමක්දැයි මගේ මිතුරන්, දන්නා හඳුනන අය සහ මා නොදන්නා බොහෝ අය මගෙන් විමසා තිබෙනවා. ඔහු මිය ගිය දින, එනම් 2022 දෙසැම්බර් 15 වෙනිදා දිනේෂ් සිය පවුලේ සියලු දෙනා සමඟ සවස 4.00 ට එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියා. එදා ඔවුන් යන්න සූදානම් වෙලා හිටියෙ සමාන්‍ය සංචාරයක් සඳහා නොවේ. එක්සත් රාජධානියේ පදිංචි වීමටයි. දරුවන් ලන්ඩනයේ පාසල්වලට ඇතුළුත් කිරීමටයි. ඒ නිසා ඔහුට සමු දීමට මම ඔවුන්ගේ නිවසට ගියා.

එදින ඔහු සිටියේ හොඳ මානසිකත්වයකින්. දිනේෂ් සහ ඔහුගේ බිරිය මා සමඟ පැයකට ආසන්න කාලයක් ඔහුගේ නිවසේ ආලින්දයේ වාඩි වී ගත කළා. අපි සාමාන්‍යයෙන් එකට සිටින විට මෙන් සිනාසෙමින් විහිළු කරමින් සල්ලාපයේ යෙදුනා. මම දවල් දොළහට පමණ ඔහුගේ නිවසින් පිටවන තුරුම ඔහු සතුටින් හිටියා. එහිදී ඔහුට ඉක්මන් රැස්වීමක් සඳහා පිටතට යා යුතු බව මා සමඟ සඳහන් කළා. නමුත් ඔහු එය පවසන විට ඔහුගේ කිසිදු අසාමාන්‍ය හැඟීමක් තිබුණේ නෑ. ඒ පිළිබඳව මට බියක් හෝ චකිතයක් දැනුණේත් නැහැ.

එදින ඔහු සමඟ මා පැවැති සබඳතාවට අනුව දිනේෂ් කිසිදු අනතුරක් අපේක්ෂා නොකළ බව මට විශ්වාසයි. නමුත් පසුව සිදු වූ දෙය අප සියල්ලන්ම සම්පූර්ණයෙන්ම කම්පනයකට ලක් කළා. ඔහුගේ මරණයට හේතු වූ භයානක කුමන්ත්‍රණය පිළිබඳ ඉඟියක් ඔහුට නොතිබූ බව මම දන්නවා. දිනේෂ් ගැන නොදන්නා අයට ඔහු ගැන කියනවා නම් දිනේෂ් කියන්නේ ඉතා මෘදු හා කරුණාවන්ත මිනිසෙක් . ඔහු තම පවුලේ අයට සහ මිතුරන්ට කැප වූ අතර සියල්ලටම වඩා වටිනා සබඳතාවලට කැපවී සිටියා. වසර ගණනාවක්, නිහඬව සලකා බලමින්, අපේ පවුලේ සෑම සාමාජිකයෙකුම හොඳින් පමණක් නොව සතුටින් සිටින බව සහතික කිරීමට ඔහු කැපවුනා.

ඔහුට හැකි සෑම විටම උදව් කිරීමට හැකි සෑම දෙයක්ම කළ කෙනෙක්. ඔහුගේ වෙහෙස නොතකා ඔහු සැමවිටම අන් අය වෙනුවෙන් කාලය කැප කළා. ඒ වගේම දිනේෂ් සුවිශේෂී ආදරණීය සැමියෙක් සහ පියෙක්. ඔහුගේ ජීවිතය සහ කාලසටහන සම්පූර්ණයෙන්ම කරකැවුණේ ඔහුගේ පවුල වටායි. ඔහු තම දරුවන්ට සහ පවුලේ අයට අසීමිත ව ආදරය කළා. ඔහු දැනුවත්ව අපේ පවුල එකට කාලය ගත කරන බව සහතික කළ අතර, පවුලේ රැස්වීම් තනි තනිව සංවිධානය කිරීමෙන් විශේෂ අවස්ථා සලකුණු කිරීමට කිසිවිටෙක අසමත් වූයේ නෑ. ඒ අනුව දිනේෂ් අපේ පවුලේ හදවත සහ ආත්මය වුණා. අද ඔහු නොමැතිව අපි අතරමං ව සිටිනවා.

දිනේෂ් යනු විශ්වාසය තැබිය හැකි චරිතයක්. ඔහු නාඳුනන අයට පවා කරුණාව දක්වන ක්‍රියා සඳහා ප්‍රසිද්ධ කෙනෙක්. ඔහු තම මෝටර් රථයේ නිතර කුඩ රැගෙන ගියේ වැස්සේ මෙතෙන නාඳුනන අයට දීමට. පසුගිය අරගලය අතරතුර, කඳුළු ගෑස් වලින් බේරීමට ඔහු විරෝධතාකරුවන් 200 කට පමණ රැකවරණය ලබා දීම සඳහා කිසිදු පැකිලීමකින් තොරව ඔහුගේ කොළඹ 7 නිවසේ ගේට්ටු විවෘත කළා.

ඔහු මිය ගිය දින උදෑසන ඔහුගේ සහකරුට යවන ලද අවසන් කෙටි පණිවුඩවලින් එකක් වූයේ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (SLTA) සේවය කරන පුද්ගලයින් එහි එක් කොනක අබලන් දේපළක ජීවත් වන බවයි. එය යම් සාධාරණ ප්‍රමිතියකට ගෙන ඒම සඳහා අපට කළ හැකි දේ සොයා බැලීමට ඔහු එම පනිවිඩය තුළින් උනන්දු වී තිබුණා. නඩු හබවලට පැටලී සිටින අසරණ පුද්ගලයන්ට උසාවියේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකු සපයා ගැනීමට නොහැකි වූ අවස්ථාවලදී කුලියට නීති ආධාර පිළිවෙතක් ලබා දීම ඔහු අනුගමනය කළ එක් සත් ක්‍රියාවක්. සොච්චම් දඩය ගෙවීමට නොහැකි නිසා සිරකර තබා සිටින සිරකරුවන්ගේ දඩ මුදල් ගෙවීමට ඉදිරිපත් වන්නකු ලෙසත් ඔහු ප්‍රසිද්ධ ව සිටියා. ඒ දිනේෂ් ගේ හැටි.

ඔහු පවුලේ අයට වගේම ආගන්තුකයන්ටත් ත්‍යාගශීලී හා කරුණාවන්ත වුණා. දිනේෂ්ගෙ ජීවන රටාවත් හරි සරලයි. බොහෝ විට ඔහු අප දකින්නේ ලා නිල් පැහැති අත් කොට කමිසයෙන් කලිසමක් සමඟ සම් සෙරෙප්පු යුවළක් පැළඳගෙන. ටයිකෝට් වැනි ඇඳුම්වලට ඔහු කිසිදු කැමැත්තක් දැක්වූයේ නෑ. ටයි පටියක් සපත්තු දෙකක් පවා පැළඳුවේ නිල උත්සවවලදී පමණයි. ඒ වගේම දිනේෂ් අතිශය පෞද්ගලික චරිතයක්. ඔහු ජනප්‍රියත්වයට කැමැත්තක් දැක්වූයේ නෑ. ඔහුගේ මරණය සම්බන්ධ ලැබුණු ප්‍රචාරය දන්නවා නම් ඔහු සොහොනේ ද ආපසු හැරෙනවා කියා මම දන්නවා.

දිනේෂ් ෂාෆ්ටර් නැමැති පුද්ගලයා සහ ඔහු ගත කළ ජීවිතය ගැන ආඩම්බර වෙනවා මිස වෙන කුමක් කියන්නද. ඔහුගෙන් ජීවිතය ඉතා ඉක්මනින් කොල්ලකා ගත්තද, ඔහුගේ බලපෑම වසර ගණනාවක් මතකයේ පවතිනු ඇතැයි මා දන්නවා. දිනේෂ්ගේ මරණය සහ දිනේෂ් නැමැති පුද්ගලයා පිළිබදව පියා ලෙස කිව හැකි කරුණු මෙපමණයි. නිර්දය ඝාතනයකට ගොදුරු වූ යහපත් පුතෙකුගේ සහ මනුෂ්‍යයෙකුගේ නම කැළැල් කිරීම අරමුණු කරගෙන තහවුරු කර නොගත් අසත්‍ය ප්‍රකාශවලින් වළකින ලෙස මම මාධ්‍යයෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: