hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 21, පෙ.ව. 12:09



කලක් රෝගාතුරව සිටි දක්ෂ ක්‍රීඩිකාවක් මෙන්ම ගුරුවරියක ලෙස කටයුතු කළ කළණි ඉනෝෂා පසුගියදා අවසන් ගමන් ගියා.

ඇය පාසල් වියේ සිට දක්ෂ හොකී ක්‍රීඩිකාවක්.

සබරගමුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළණි ඉනෝෂාට මේ ඉරණමට මුහුණ දීමට සිදු වුණේ 2021 ඔක්තෝබර් මස ඇති වූ රෝගාබාධයක්.

පිත්තනාලයේ මෙන්ම පිත්තාශයද ගල් ඇතැයි පවසමින් කල ශල්‍යකර්මයක් ඇයව එක්තැන් කලා.

ඒ රාගම ශික්ෂණ රෝහලේදී.

කළණිගේ මව සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා,

“2021.10.25 මෙයාට අමාරු වුණා. මට දෙන්න වමනේ යනවා. හුස්ම ගන්න බැරුව ගියා. ඊට පස්සේ මෙයා ෆෝන් එකෙන් චැනල් එකක් දැම්මා. අපි 2021.10.26 එකෙන් පෙන්නුවා. ඊට පස්සේ බෙහෙත් දුන්නා. ඊට පස්සේ ආයේ 2021.10.27 දින මෙයාට හොඳටම අමාරු වුණා. ඊට පස්සේ ආයි ගියා. චැනල් කරපු කරපු වෙලාවේ දැන් මෙයාට බෙහෙත් දෙනකොට ඉඳන් කිව්වා 2021.11.02 කිව්වා එන්ඩස්කොපි කාමරේට ඇවිල්ලා දිනයක් ගන්න කියලා. ඒ මෙයාගේ එන්ඩස්කොපි පරීක්ෂණය ගන්න. එහෙදිත් පරීක්ෂණ කරාම අර ගල් කියලා කියලා මේ 2021.11.05 ඒ ශල්‍යකර්මයට දිනය යොදා ගත්තා. මෙයා හොඳ මියුසියස් කොලේජ් එකේ දක්ෂ ගුරුවරියක්. මට කියලා ලැප් එක ගෙන්නගෙන දවස් දෙකක් ළමයින්ට ඔන්ලයින් ඉගැන්නුවා. මේ 2021.01.05 සජරිය කරාට පස්සේ දුව පැරලයිස් තත්වෙට පත්වුණා. කටින් කන්ඩ කවන්න බෑ.

බටයක් දාලා ආමාශයට ඒකෙන් දුන්නේ. දියර ජාති. කතා කරන්න බැහැ. නැගිට ගන්න බැහැ. ඇවිදින්න බැහැ. ඉතින් අර එදා ඉඳලම ඔය තත්වෙන් තමයි හිටියේ. දක්ෂ ගුරුවරියක් මියුසියස් කොලේජ් එකේ අනිත් එක මේ කොරෝනා කාලේ පත්වීම් හම්බුනේ. ඔන්ලයින් ළමයින්ට ඉගැන්නුවේ. පත්වීම හම්බවෙලා මාස පහයි. මේ පර්මන්ට් වෙන්න තිබ්බේ 2021.12.01 ඒකත් බැරිවුණා. සබරගමු කැම්පස් එකට ගිය දරුවා. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය තමයි මේවා කරේ. “

සුන්දර යුවතියක මෙවන් ඉරණමකට ලක් වන්නට සිදුවුණේ කාගේ වරදින්ද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: