hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අප්‍රේල් 29, පෙ.ව. 12:08



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ජැක්සන් ඇන්තනී මහත්මයා පිළිබඳව කුමාරි මුණසිංහ මහත්මිය එක්තරා රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා,

“එතුමා කෙමෙන් සුව වෙමින් ඉන්නවා. මේ වනවිට. මුලින් කියන්නේ අසනීප වෙච්ච ඒ දැඩි ලෙස අසනීප වෙච්ච කාලයට වඩා සෑහෙන්ඩ ප් රතිචාර පෙන්වනවා. ඉතින් ඔහු සෙමෙන් සෙමෙන් සුවය කරා ළංවෙමින් ඉන්නවා. සමාජ මාධ්‍ය උපුටා ගන්නේ ජනප්‍රිය දේවල්. ඒ මන්ද සමාජ මාධ්‍ය වල ඒ උපුටා ගැනීම් වලින් ඔවුන් මුදල් උපයනවා. ඉතින් මේ ජැක්සන් ඇන්තනී කියන පුද්ගලයා මට හම්බවෙන්නේ පාසලේදී කියලා කිව්වා. එතකොට ඔහුට මේ තරම් ලොකු ප්‍රසිද්ධියක් තිබ්බෙත් නෑ. ලොකු හැකියාවල් ප්‍රදර්ශනය කරලා තිබුණෙත් නෑ.

ඔහුත් මමත් එක මට්ටමේ ඉඳගෙන එක දේවල් කර කර හිටපු දෙන්නෙක්. ඔහු ගොඩ නැගෙන්නේ මගේ ඇස් ඉදිරිපිට මේ තත්වයට. එතකොට ඔහු ඒ සඳහා මොන තරම් කැපවීමක් කරාද? මොනතරම් උත්සාහ කරාද? මොන තරම් බලාපොරොත්තුවක් දල්වා සිටියාද? මොනතරම් නිදි මැරුවද? මොනතරම් බඩගින්නේ හිටියද? ඒ හැම දෙයක්ම මම දන්නවා. කෙතරම් අපහසුවෙන්ද මේ ගමන ආවේ කියලා. මේ අපහසුවෙන් ආපු ගමන, දැන් අද ජැක්සන් ඇන්තනී කිව් සැනින් මේ ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ඔහු ඒ තරමට හැමෝම අතරේ ප්‍රසිද්ධයි දන්නවා. ඒ ප්‍රසිද්ධිය ලබා ගත්තේ ඉතා අපහසුවෙන්. ඒ අපහසුවෙන් ලබාගත්ත ප්‍රසිද්ධිය පාවිච්චි කරලා තවත් අය ඇයි මේ මේවා වලට ඉදිරිපත් කරන්නේ? මුදල් සඳහා. කමක් නැහැ. ඔවුන් මුදල් උපයාපුදෙන්. ඒ උපයන මුදල් වලින් ඔවුන්ගේ අඹුදරුවන් රැකුණාදෙන්? ඒ වගේම ඔවුන්ගේ දෙමව්පියන්, ඔවුන්ගේ සහෝදරයින්, ඒ කැමති දෙයක් කරපුදෙන්.

ඒ කරන හැම දේකින්ම, ඒ කුසක් පිරෙන ගානේ, ජැක්සන්ට තමයි ඒ පින අත්පත් වෙන්න ඕනේ. ඒ පින අත්පත් වෙන්නේ ජැක්සන්ට. ඔබලා තවත් ඔහු ගැන වැරදි ප්‍රචාර ඔවුන් තමන්ගේ මත, ජැක්සන් ඇන්තනී හුස්ම ගන්න එක නවත්වන්නේ මොන ආකාරයෙන්ද යන වග ඒවා ප්‍රසිද්ධ කරලා, ලයික් අරගෙන සල්ලි හම්බ කරන්න. කමක් නැහැ. ඔබ නොදන්නවාට ඒ පින අයිති වෙන්නේ ජැක්සන්ට. ඒ පිනෙන් ජැක්සන් ඉක්මනින් සුවපත් වෙනවා.

ඔබට බිරිඳක් විදිහට, මවක් විදිහට, මිත්තණියක් විදිහට, කලාකාරිනියක් විදිහට, මෙහෙම දේවල් අහන්න දකින්න ලැබෙන කොට, සමාජ මාධ්‍යවලින් මේ තමන්ම ආදරය කරපු තමන්ටම ආදරය කරපු මිනිස්සු තමයි සමහර වෙලාවට මේ දෝෂාරෝපණ මේ දේවල් කියන්නේ. ඒ හැඟීම කොහොමද ඔබට දැනෙන්නේ?

“ඇත්තටම ජැක්සන් මේ තත්වයට පත්වෙච්ච එකෙන් ජැක්සන්ට නම් කිසිදෙයක් දැනගන්න හම්බුන්නෑ. ඔහු ඉන්නේ ඇඳ උඩනේ. අපිට මේ ලෝකයේ මිනිස්සු පුදුම හැදෑරීමක් නොකර අවබෝධයක් ලැබුණා. අපිට හදාරන්න ඕන්නෑ ඒ අවබෝධය ඔවුන් අපට ගෙනත් දෙනවා. මිනිස්සු ගැන හොඳට දැනගත්තා. අපි මිනිස්සු ගැන හොඳට දැනුවත්. මේ හිනාවෙලා කතා කරලා ඉන්න මිනිස්සුන්ගේ ඇතුලාන්තය කෙබඳුද කියලා. ඒ වෙලාවේ මුලින් නම් ටිකක් දරාගන්න අපහසු වුණා. දැන් ඒකට පුරුදු වෙලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: