hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 මැයි 21, පෙ.ව. 1:48



කුරුණෑගල පොල්පිටිය ප්‍රදේශයෙන් වැවක පාසි අතර සිරවී සිටි 79 හැවිරිදි මවක් මියගොස් ඇති බවට සිතා අවමංගල්‍ය උත්සවයකට සූදානම් වෙමින් සිටියදී අදාළ කාන්තාව මියගොස් නොමැති බවට තහවුරු වූ පුවතක් වාර්තා වුණා.

එම කාන්තාව ප්‍රතිකාර සඳහා කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර ඇයගේ තත්ත්තවය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. කුරුණෑගල, පොල්පිටිය පදිංචි 79 හැවිරිදි දෙදරු මවක් වූ ආර්. පී. ඩී. කරුණාවතී පෙරේදා (19) රාත්‍රියේ නින්දට ගියත් ඊයේ (20) උදෑසන ඇය නිවසේ සිට නොමැත.

ඉන්පසු ඥාතීන් ඇය සොයා නිවස අසල පිහිටි පොල්පිටිය වැව ප්‍රදේශයේ සෝදිසි කර තිබුණා.

එහිදී කරුණාවතීගේ අත්වාරුව සහ පාවහන් යුගළය සොයාගන්නට ප්‍රදේශවාසීන්ට හැකිවුණා.

කරුණාවතීගේ බෑණා වැවට බැස සෝදිසි කළේ ඉන් පසුවයි. 

වැවේ පාසි අතර ගිලී සිටි කරුණාවතී සොයාගන්නට හැකි වුණත් ඇය කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නොමැත.

ඇය මියගොස් ඇති බවට සිතූ බෑණා සිද්ධිය පළමුවෙන් දැනුම් දී තිබුණේ, කටුපොත පොලීසියටයි.

කරුණාවතී මියගොස් ඇති බවට වූ ආරංචියත් සමග ගම්මු විශාල පිරිසක් එම වැව අසලට රැස්ව සිටි අයුරු දැක ගන්නට ලැබූ බව වාර්තා වෙනවා.

පොලීසිය සහ මරණ පරීක්ෂක එනතෙක් ඔවුන් එම ස්ථානයේ රැඳී සිටියා. 

කරුණාවතී මියගිය බව සිතා නිවැසියන් අවමංගල්‍ය කටයුතු සඳහා නිවෙස සූදානම් කිරීමට පටන් ගෙන තිබුණා.

කෙසේවෙතත් මේ ගැන ඇස ගසාගෙන සිටි තරුණයින් පිරිසක් කරුණාවතී සිටි ස්ථානය සෙලවෙන අයුරු නිරීක්ෂනය කර තිබෙනවා.

ඒ අනුව, නිමේෂ් සඳරුවන් නමැති තරුණයෙක් අදාළ ස්ථානයට යාම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වී තිබුණා.

ඔහු එම ස්ථානයට ළඟාවීමත් සමග මැය “වෑ කන්ද කොහේදැයි” විමසා තිබෙනවා.

පසුව කඹයක් ද රැගෙන වැවට ගිය තවත් තරුණයින් පිරිසක් කරුණාවතී රැඳීසිටි ස්ථානයට ළඟා වී තිබුණා.

පැය ගණනාවක් වැවේ සිටි කරුණාවතී ඉක්මනින් ප්‍රතිකාර සඳහා කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

කරුණාවතීගේ ඥාතීන් අදහස් දක්වමින් පවසා සිටියේ, “කතා කළෙත් නැහැ. මම හිතුවේ මැරිලා කියලා. පොලීසිය ඇවිත් කට උත්තරත් ගත්තා. මල්ශාලාවේ කට්ටියත් ඇවිත් හට් ගහලා මලගෙදරකට ඕන දේවල් ලෑස්ති කළා” යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: