hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 01, පෙ.ව. 12:01



ගීත ලෝකයේ ගීත කෝකිලා කෝකිලාවිය එහෙමත් නැත්නම් දශක ගණනාවකට අධික කාලයක් සිංහල සිනමාවේ පසුබිම් ගායනයේ රිදී සීනුව ඇය කිව්වොත් නිවැරදියි.

එය වෙන කවුරුත් නෙවෙයි ආදරණීය ගායිකා ලතා වල්පොල මහත්මියයි.

අදටත් ගී ලොවේ සදාතනික රැජිණ වූ ඇය පෞද්ගලික ජීවිතේ ද දරු මුණුපුරන් එක්ක රැජිනක් විදිහට තමයි ජීවිතය  ගත කරන්නේ.

ලතා වල්පොල මහත්මිය ගැන කතා කරද්දි ඇය මේ වෙද්දී ජීවිතයේ සැදෑ සමය ගත කරත් අඩුවක් නැතුව දැනටත් ප්‍රසංගවලට ආරාධනා එනවා.

විශේෂයෙන්ම විදෙස්ගත ප්‍රසංගවලටත් ඇයට ආරාධනා එනවා.නමුත් සීත කාලගුණ රටාවත් එක්ක එවැනි රටවල් වලට ගිහින් ගීත ගායනා කිරීමට තරම් හොඳ ශක්තියක් සෞඛ්‍යයක් ඇයට දැන් නැහැ.

ඇය මේ වේදි අවුරුදු හැත්තෑ පහක් සිංදු කියල ගායන ක්ෂේත්‍රය පෝෂණය කරපු ගායිකාවක්.

ඒ දේවල් නිසාම දරුවෝ ඇයට දැන් විවේක ගන්න කියලා තියෙන්නේ අඩුම තරමේ එළියටවත් බහින්න දෙන්නේ නැහැ.

පසුගිය කාල සීමාවේ දී ඇය ටිකක් අසනීප වුණා.

ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“පසුගිය දවස්වල ගොඩක්ම අසනීප වුණා දරු මුනුපුරන්ගේ පිහිටෙන් ආයෙ ගොඩ ආවා.දැම්මට අවුරුදු අසූ නවයක් අනුවට බොහොම ආසන්නයි. මම දැන් ධම්මිකා මගේ දුව ළඟ තමයි ඉන්නේ.අනිත් දරුවෝ රට ඒත් එයාලත් පුළුවන් වුණු හැම වෙලාවකම ඇවිත් මාව බලලා යනවා. මට ජීවිතේ ලැබුණු දේවල් ගැන මම ගොඩක් සතුටු වෙනවා.මුළු රටක ප්‍රේක්ෂක ආදරයක් දිනා ගන්න ලැබීම ඇත්තෙන්ම මා පෙර කරන ලද පිනක්. නොලැබුණා කියලා කියන්න දෙයක් ඇත්තටම නැහැ. සම්මාන රසික ප්‍රසාදය අඩු නැතුව අදටත් ලැබෙනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: