hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 12, පෙ.ව. 4:40



පාසල් උපකරණ මිල මෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම නිසා දිනපතා පාසලට පැමිණීමට නොහැකිව දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටින පාසල් ශිෂ්‍යයකු තම පාසලේ ගුරුවරයකුට ලියූ අතිශය සංවේදී ලියුම් කැබැල්ලක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

දිනපතා පාසලට පැමිණීමට නොහැකි වීම නිසා අපොස උසස් පෙළ සඳහා 80% සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීමෙන් බහුතරයක් දරුවෝ විශාල ගැටලුවකට මුහුණපා සිටිනවා.

එමෙන්ම ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින මෙම දරුවන් පාසලේදී ඇතැම් ගුරුවරුන් දැඩි මානසික මෙන්ම ශාරීරික හිංසනයන්ට ද ලක්වන බව වාර්තා වෙනවා.

අපොස උසස් පෙළ පංතියක අධ්‍යාපනය ලබන මෙම ශිෂ්‍යයා ලියූ ලිපියේ මෙසේ සඳහන් වෙනවා.

අනේ සර්….

ඉස්කෝලේ 80% කිය කියා පුදුම වදයක් එක දවසක් ගියේ නැත්නම් ලියුමක් ගෙනිහින් දෙන්න ඕනේ. ප්‍රින්සිපල් මට දවසකට ඉස්කෝලෙ යන්න එන්න රු. 400 ක් විතර ඕනෙ වෙනවා. හැමදේම 3න් ගුණයකින් 4 ගුණයකින් වැඩි වෙද්දී වැඩි වුණේ නැත්තේ අපේ තාත්තගේ පඩිය විතරයි.

මම දන්නෙ නැහැ සර් ඔළුවට මහ හිසරදයක්. ඉස්කෝලෙ උගන්වන්නෙත් නෑ. ස්පෝට්මීට්ලු. ඒවා පස්සේ දුවනවා. ගුරුවරු ඉන්නවා සමහරක් දෙව්වරු වගේ. ඒ වගේම තවත් අය යමපල්ලො වගේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: