hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 මැයි 01, පෙ.ව. 1:21



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.

කොහොම හරි මේ විදිහට මේ පුංචි පවුල ගොඩක් සතුටින් ජීවිතය ගත කරද්දී පසුගිය දවසක නොසිතූ විරූ ආකාරයෙන් මාධවීගේ ආදරණීය තාත්තා වන ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට පත් වුණා.

ඒ අනතුරු නිසා ඔහු තවමත් සිහිසුන් තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ.

මාධවී සිය පියා සම්බන්ධයෙන් තොරතුරු සතිඅන්ත පුවත්පතක් සමඟ මෙසේ බෙදාගෙන තිබුණා.

“මගේ අප්පච්චි ගැන කතා කරන බොහෝ දෙනා ඒ කතා කරන්නෙ කිසිවක් දැනගෙන නොවන බව හිතෙනවා. අප්පච්චි මගෙ විතරක් නෙවෙයි. ඉතිං හිතු හිතු පළියට සෞඛ්‍ය සම්බන්ධ දේවල් පත්තරේ දාන්න මට බෑ. ඇත්තටම අපේ පවුලේ නියෝජිතයන් යැයි කියාගනිමින් විවිධ අය කියලා තිබෙන කාරණාත් සම්පූර්ණ ඇත්ත නෙවෙයි. ඒ ඒ අය විවිධ ප්‍රවර්ධන වාසි තකා අප්පච්චිගෙ අසනීප තත්ත්වය පාවිච්චි කරනවා. ඔවුන් නොදැන කරන දෙයට සමාව දෙන්න. කියලා ජේසු කියපු විදිහට ඒ හැමෝටම මම සමාව දෙනවා. බොරු ප්‍රචාර කරලා දරුමල්ලො පෝෂණය කරන ඈයෝ නිසා මගෙ අප්පච්චිට පිං පිරෙනවා. අප්පච්චි ඒ හැම ආනිශංසයක්ම ඖෂධයක් කරගෙන හෙමින් හෙමින් සුව වෙන බව අපි විශ්වාස කරනවා. ඔහුට අපිව ඇහෙනවා. අපි කතා කරද්දි ඔහු කඳුළු සලනවා. අපි දිහා ඇස් කරකවමින් බලනවා. මූණේ ඉඟි මවනවා. ඔහු සුව වෙනකන් අපි අප්පච්චිව භාර නිල වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ අදහස් පමණක් පිළිපදිමින් බලන් ඉන්නවා. ඒ අතරේ අපි හිත් හයිය කරන් කලාවේ අපේ රැකියාවන්හි නියැළෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: