hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මැයි 03, පෙ.ව. 2:45



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ. ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි, ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

ඔහු තවමත් රෝහල්ගතව පසුවන බව ඔබ දන්නවනෙ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ මාධවී ඔහු ගැන සති අන්ත පුවත්පතකට දැක්වූ අදහස් කිහිපයක්.

“මගේ අප්පච්චි ගැන කතා කරන බොහෝ දෙනා ඒ කතා කරන්නෙ කිසිවක් දැනගෙන නොවන බව හිතෙනවා. අප්පච්චි මගෙ විතරක් නෙවෙයි. ඉතිං හිතු හිතු පළියට සෞඛ්‍ය සම්බන්ධ දේවල් පත්තරේ දාන්න මට බෑ. ඇත්තටම අපේ පවුලේ නියෝජිතයන් යැයි කියාගනිමින් විවිධ අය කියලා තිබෙන කාරණාත් සම්පූර්ණ ඇත්ත නෙවෙයි. ඒ ඒ අය විවිධ ප්‍රවර්ධන වාසි තකා අප්පච්චිගෙ අසනීප තත්ත්වය පාවිච්චි කරනවා.

ඔවුන් නොදැන කරන දෙයට සමාව දෙන්න. කියලා ජේසු කියපු විදිහට ඒ හැමෝටම මම සමාව දෙනවා. බොරු ප්‍රචාර කරලා දරුමල්ලො පෝෂණය කරන ඈයෝ නිසා මගෙ අප්පච්චිට පිං පිරෙනවා. අප්පච්චි ඒ හැම ආනිශංසයක්ම ඖෂධයක් කරගෙන හෙමින් හෙමින් සුව වෙන බව අපි විශ්වාස කරනවා. ඔහුට අපිව ඇහෙනවා. අපි කතා කරද්දි ඔහු කඳුළු සලනවා. අපි දිහා ඇස් කරකවමින් බලනවා. මූණේ ඉඟි මවනවා. ඔහු සුව වෙනකන් අපි අප්පච්චිව භාර නිල වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ අදහස් පමණක් පිළිපදිමින් බලන් ඉන්නවා. ඒ අතරේ අපි හිත් හයිය කරන් කලාවේ අපේ රැකියාවන්හි නියැළෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: