2023 මැයි 19, පෙ.ව. 12:07
පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.
ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.
දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.
ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.
මාධවිගේ හිත හොරාගෙන තියෙන්නේ නව පරපුරේ දක්ෂ ගී පද රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල.
ඇය කලින් දෙවැනි වර ඇය විවාහ වෙච්චි මිලාන් කියන පුද්ගලයාගෙන් මේ වෙද්දිත් වෙන්වෙලා.
කොහොම නමුත් පහුගිය කාලේ මාධවී ජීවිතයට මුහුණ දීපු සමහර අත්දැකීම් නිසා සමාජ මාධ්‍ය හරහාත් වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.
ඉතින් ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.
“මං හිතන්නේ ඒ මං ජීවිතයේ වැරදුණු තැන් නිවැරදි කර ගත්තු නිසා ගොඩක් අය මං ගැන කතා කරා. බොහෝ අය දුටුවේ හේතුව නෙවෙයි ඵලය පමණයි. කාන්තාව මේ වගේ තැනකදි තනියම බැනුම් අහන එක බොහොම සාමාන්‍ය දෙයක්. වෛරීය ප්‍රතිචාර දුටුවාම මට දුක නැතුවාම නෙවෙයි ඒත් මුළු ජීවිත කාලයක් හිතින් දුක් වෙමින් ලෝකයක් සනසන්න හිනාවක් මවා ගන්නවට වඩා බැනුම් අහලා හෝ මගේ ජීවිතේ නිවැරදි මගකට යොමු කර ගත්තු එක ගැන මට තියෙන්නේ සතුටක්.ඒ වගේම පහුගිය සිදුවීම් නිසා මිනිස්සු නොමිනිසුන් හඳුන ගන්න මට පුළුවන් වුණා.”
2023 දෙසැම්බර් 04, පෙ.ව. 11:41
2023 දෙසැම්බර් 04, පෙ.ව. 10:53
2023 දෙසැම්බර් 04, පෙ.ව. 12:06
2023 දෙසැම්බර් 04, පෙ.ව. 12:04
2023 දෙසැම්බර් 04, පෙ.ව. 12:01
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
03-12-23
03-12-23
03-12-23
03-12-23
03-12-23
03-12-23