hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 20, පෙ.ව. 12:06



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි, ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

ඔහු තවමත් රෝහල්ගතව පසුවන බව ඔබ දන්නවනෙ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණිය මාධවී ඇන්තනීත් පියවරුන්ගේ දිනය වෙනුවෙන් ඇගේ පියා ගැන අපූරු කවියක් පළ කරලා තිබුනා.

මේ වනවිට වසරකට ආසන්න කාලයක් හදිසි අනතුරකින් රෝගාතුරව ජැක්සන් ඇන්තනී ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සිටින බැවින් ඇයට පියවරුන්ගේ දිනය දා පියා නොමැති අඩුව තදින්ම දැනෙන බව ඇගෙ මේ කවියෙන් පේනවා.

“අඬද්දි මට හිනාවෙන්නැති
කැඩපතයි අප්පච්චි
වැටෙද්දිත් අතින් අල්ලං
හිටවන්නෙ අප්පච්චි
මගෙ හිතෙන් හිතාගෙන
දුර දකින අප්පච්චි
දවසකින් පුදනු බෑ මතක මට
ජීවිතේ අප්පච්චි ! “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: