hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 29, පෙ.ව. 10:02



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි, ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

ඔහු තවමත් රෝහල්ගතව පසුවන බව ඔබ දන්නවනෙ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මාධවී සහ කසුන් කියන්නේ මේ වනවිට ජනප්‍රිය පෙම්වතුන් යුවළක්නේ.

මේ දෙන්නා ගැන අලුත් තොරතුරු දැන ගන්න ගොඩ දෙනෙක් ආසයිනේ.

මාධවී සහ කසුන් එක්තරා වැඩසටහනට සහභාගි වෙමින් මෙන්න මේ වගේ ප්‍රකාශයක් කළා.

“මේ මොහොතේ කාටවත් කරදරයක් නොවී අපි වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ කරන්න ඕනේ. තම තමන් සතුටින් ජීවත් වෙන එකේ කිසි වරදක් නැහැ. පුද්ගලිකවත් අපි අපිව බලාගන්න ඕනේ. අපි අපිව සතුටින් තියෙනවා නම් අපිට තව කෙනෙක් සතුටින් තියන්න පුළුවන්. අපි සතුටින් නැති තාක් අපිට තව කෙනෙක් සතුටින් තියන්න බැහැ. අපි දෙන්නා එකතු වෙලා අලුත් අලුත් නිර්මාණ කරනවානේ. අපේ එකතුව නිසා සාමාන්‍ය පවුලකටත් වඩා කලා පවුලක් බිහි කරන්න පුළුවන්. මම පැවත එන්නෙත් එහෙම පවුලකින්. අපි දෙන්නගෙ ලොකුම හීනයත් එහෙම කලා පවුලක් බිහි කරගැනීම.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: