hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජූලි 02, පෙ.ව. 1:09



මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන්ම කතාබහට ලක්වෙච්ච රංගන ශිල්පිනියන් අතර ජනප්‍රිය තාරකාවියක් තමයි මාධවී ඇන්තනී කියන්නේ.

මාධවී ගැන කතා කරද්දී ඇය ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය කියලත් ගොඩක් දෙනෙක් දන්නවා.

ජැක්සන් ඇන්තනී කියන තමන්ගේ ආදරණීය පියාගේ අඩිපාරේ යන ගමන් තමයි මාධවී මේ කලා කටයුතු අතිසාර්ථකව කරන්නේ.

රංගන ශිල්පිනියකට අමතරව මාධවි කියන්නේ තවත් දක්ෂ ගායිකාවක්.

ඒ සියලු හැකියාවන් එක්ක මේ වෙද්දි තාමත් සැරයක් දෙවැනි  විවාහයනුත් වෙන් වෙලා හිටපු ඇය ආදරණීය හදවතක් ගාව නතර වෙලා කියන්නත් ඔබ අපි හැමෝම දන්න දෙයක්.

 ඒ වගේම මාධවිගේ හිත හොරාගෙන තියෙන්නේ නව පරපුරේ දක්ෂ ගී පද රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල.

ඇය කලින් දෙවැනි වර ඇය විවාහ වෙච්චි මිලාන් කියන පුද්ගලයාගෙන් මේ වෙද්දිත් වෙන්වෙලා.

කොහොම නමුත් පහුගිය කාලේ මාධවී ජීවිතයට මුහුණ දීපු  සමහර අත්දැකීම් නිසා සමාජ මාධ්‍ය හරහාත් වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.ඉතින් ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මං හිතන්නේ ඒ මං ජීවිතයේ වැරදුණු තැන් නිවැරදි කර ගත්තු නිසා ගොඩක් අය මං ගැන කතා කරා. බොහෝ අය දුටුවේ හේතුව නෙවෙයි ඵලය පමණයි. කාන්තාව මේ වගේ තැනකදි තනියම බැනුම් අහන එක බොහොම සාමාන්‍ය දෙයක්. වෛරීය ප්‍රතිචාර දුටුවාම මට දුක නැතුවාම නෙවෙයි ඒත් මුළු ජීවිත කාලයක් හිතින් දුක් වෙමින් ලෝකයක් සනසන්න හිනාවක් මවා ගන්නවට වඩා බැනුම් අහලා හෝ මගේ ජීවිතේ නිවැරදි මගකට යොමු කර ගත්තු එක ගැන මට තියෙන්නේ සතුටක්.ඒ වගේම පහුගිය සිදුවීම් නිසා මිනිස්සු නොමිනිසුන් හඳුන ගන්න මට පුළුවන් වුණා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: