hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 11, පෙ.ව. 5:06



මාධවී ඇන්තනී  කියන්නේ මේ දවස් වල වැඩි  වශයෙන්ම කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්.

ඒ ඇය දෙවෙනි විවාහයෙන් වෙන් වෙලා නැවත වතාවක් ආදරණීය පෙම්වතෙක් සමග ආදරේ විඳින නිසා.

ඇත්තටම මේ ආදරය ගැන ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ.

වටින් ගොඩින් ආරංචි වෙන නිසාම මාධවී සහ ඇයගේ අලුත් පෙම්වතා වන ප්‍රසිද්ධ ගී පද රචක කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන පුද්ගලයත් එක්ක තියෙන සම්බන්ධය ගැන අදහස් ඉදිරිපත් කළා.

ඇය කියන්නේ කසුන් කියන්නේ ඇයව තේරුම් ගත්තු හොඳ හදවතක් තියෙන පුද්ගලයෙක්ලු.

ඒ නිසා දෙන්නත් එක්ක හොඳ අවබෝධයෙන් ජීවිතය ඉදිරියට ගෙනියන්නත් ලබන අවුරුද්දේ ඔහුත් සමග විවාහ වෙන්නත් ඇය සූදානමින්.

ඉතින් ඇය මේ විදියට තමන්ගේ අලුත් ආදර කතාව ගැන ප්‍රසිද්ධියේ කිවුවහම ගොඩක් දෙනෙක් අයට බනින්න පටන් ගත්තා.

ඒකට හේතුව තාමත් සිද්ද වෙච්ච හදිසි අනතුරක් නිසා මාධවී ඇන්තනී ගේ ආදරණීය පියා වන ජැක්සන් ඇන්තනි මහත්මයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.ඔහුට ඉතාමත් සුව වෙමින් පවතිනවා කියලා තමයි සඳහන් කරන්නේ.

ඒත් සමාජ මාධ්‍ය පුරාවටම විවිධ අසත්‍ය ප්‍රචාරයන් ජැක්සන් ඇන්තනි මහත්මයා වෙනුවෙන් සංසරණය වුණ.

ඒ වගේම සමහර පුද්ගලයන් කියන්න පටන් ගත්තා ඔහුට කවදාවත් ආයෙත් සිහිය එන්නෑ කියලා.

ඒ වගේම තමයි තවත් සමහර අය කිව්වා ජැක්සන් ඇන්තනී ජීවිතයෙන් සමුගත්තා කියලා.

ඉතින් මේ වගේ අසත්‍යය ප්‍රචාරයන් නිසා  මාධවී නැවත වතාවක් තමන්ගේ ආදරණීය පියාගේ සැබෑ රෝගී තත්ත්වය ගැන අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ මේ විදියටයි.

“ඇත්තම කතාව අප්පච්චි දැන් සුව වෙමින් ඉන්නේ.ඔහු හොදින්.වෛද්‍යවරුන් කියන දේවල් තමයි අපි ඔහු වෙනුවෙන් කරන්නේ.ඔහුට අවශ්‍ය කරන ඖෂධ  වෛද්‍යවරු කිව්වහම අපි ගෙනත් දෙනවා.අනිත් හැමෝම වගේ අපිත් අපේ අප්පච්චිව ඉක්මනින් සුව වෙනකන් තමයි බලාගෙන ඉන්නේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: