hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 05, පෙ.ව. 12:04



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

මාධවී වත්සලාගේ ආදරණීය සහකරු කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ පියානන්ගේ හදිසි අභාවය ගැන අපි ඔබට කිව්වා මතක ඇති.

කසුන්ගේ ආදරණිය පියාණන් මීට දින කීපයකට පෙරයි අභාවප්‍රාප්ත වුණා.

මාධවී ජායාරූප කිහිපයක් සමඟ සටහනක් මුහුණුපොතේ පළ කර තිබෙනවා.

එම සටහන පහතින්,

කිසිදාක දුම්වැටියක් මදුවිතක් තොලගා නැති, අහිංසක අම්මාගේ ආදරේට හැමදාම අවංකව හිටපු, මෙච්චර දියුණු යැයි සම්මත ලෝකෙ මොබයිල් ෆෝන් එකක්වත් පාවිච්චි නොකරපු, බස් එකේ කෝච්චියෙ ගමන් ගිය, බැංකු ගිණුමක්වත් පාවිච්චි නොකරපු, හෝටල් වල නවතින්න ට්‍රිප් ගිහින් නැති, මේ දූපතෙන් එලියට ගිහින් නැති, සරළ නිහතමානී හිනාවෙන්ම කල් ගෙවපු කෙනෙක් අපේ තාත්තා. ලෙඩ වෙලා ඉද්දිවත් අවසන් හුස්ම යනකන්ම ඉස්පිරිතාලෙ යන්න අකැමති වුනේ “මගේ නිවන මගේ පැල්පතයි” කියන උදාන වාක්‍යය සනාථ කරමින්. අපි කොච්චර උත්සාහ කළාද. එයා බය වුනා අන්තිම මොහොතකට අම්මා අක්කා කසුන් සහ නැන්දා ලඟ තියාගන්න බැරි වෙයි කියලා. ඒත් මෙහෙව් සුළු අසනීපයක් නිසා ඒ මොහොත මෙච්චර ඉක්මනින් එයි කියලා අපි හිතුවෙත් නෑ. එයා එකතු කරපු ධනය වුනේ කාමරයක් පිරෙන්න තිබ්බ එයාගෙ පත්තර ගොඩයි අම්මයි, නිදහස් අධ්‍යාපනයෙන් උගත් බුද්ධිමත් දරුවො දෙන්නයි විතරමයි. මානෙල්.. මානෙල්… කිය කියා අම්මට දවසට කී වතාවක් අඬගහනවා ඇත්ද. නැන්දා අවිවාහකව තාත්තා වෙනුවෙන්ම කැප වුනා. කොච්චර දුර ගමන් ගියත් අම්මගෙ කෑම එක කන්න තාත්තා ගෙදර එනවා කවදාවත් රැයක් නිවසින් පිට හිටියෙත් නෑ. තාත්තා ඒ තරමටම ආදරේ බලාපොරොත්තු වුනා. අක්කා අදටත් ගෙදරින් පිට එක රැයක් ගත කරලා නෑ. එහෙමින් එයාලා දරුවන්ව රැක්කා! තාත්තා පතන සැනසීමක් හිමි වේවා!!!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: