hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මැයි 14, පෙ.ව. 2:38



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.

මාධවී ඇන්තනී සහ ඇගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර එක් වී නිර්මාණය කළ “ප්‍රේමෙට සීමාවක් නෑනේ” ගීතය මේ දිනවල හැමෝම අතර ජනප්‍රියයි.

මාධවීගේ පෙම්වතා මේ ගීතය ගැන වගේම ඔහුගේ අනෙකුත් නිර්මාණ ගැන කතා කරන්න පසුගියදා රේඩියෝ වැඩසටහනකට සම්බන්ධ වුනා.

මේ එහිදී ඔහු කළ එක් කළ ප්‍රකාශයක්.

“ලෝකෙට පේන්නේ මම කරන නිර්මාන විතරයි. ඒ තුළ තියෙන වේදනාව කඳුළු සුසුම් දහඩිය පෙන්නේ නැහැ. ඒක දන්නේ මං සහ මං එක්ක නිර්මානය කරපු පිරිස. මම එක රැයෙන් හැබෑ කරගත්ත කිසිවක් මගේ ජීවිතේ. මම බොහොම සාමාන්‍ය පවුලකින් පැමිණි කෙනෙක්. කිසිවෙක්ගේ උදව් උපකාර නැතුව ආපු ගමනක් මේක. මට මේ ක්ෂේත්‍රයේ කිසිවෙක් උදව් කරලා නැහැ. නමුත් මම හැමෝටම උදව් කරනවා. මට පිටුපසින් එන අයට. මම හිතනවා ලංකවේ තවතවත් නිර්මාණ බිහිවෙන්න ඕනේ. මේ ක්ෂේත්‍රය පුළුල් වෙන්න ඕනේ. අපි විඳපු වේදනාව තමයි නිර්මාන වෙන්නේ. ඒ නිසා වේදනා විඳලා නැත්නම් නිර්මාණ කරන්නත් බැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: