hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 22, පෙ.ව. 12:17



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි, ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

ඔහු තවමත් රෝහල්ගතව පසුවන බව ඔබ දන්නවනෙ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මාධවී සහ කසුන් කියන්නේ මේ වනවිට ජනප්‍රිය පෙම්වතුන් යුවළක්නේ.

මේ දෙන්නා ගැන අලුත් තොරතුරු දැන ගන්න ගොඩ දෙනෙක් ආසයිනේ.

කසුන් ඔන්න එයාගේ හීනය වුන එයාගෙම චිත්‍රපටයක රූගත කිරීම් මේ අවුරුද්ද අවසානය වෙනකොට ආරම්භ කරන්නලු සූදානම.

ඒ වෙනුවෙන් ගොඩාක් හීන මැව්වා කියලයි කසුන් කියන්නේ වගේම එයාගෙ ආදරවන්තිය ගැනත් ඔහු මතක් කරලා තිබුනා.

“ඇත්තටම මං මාධවී මගේ පෙම්වතිය හැටියට තෝරාගන්නෙ ඇය ඇගේ ජීවිතය තුළ බොහොම පසුබෑමකට විශාල රැවටීම් ගණනාවකට වගේම සීත් පීඩාවන් රැසකට ලක්වෙලා කඩාවැටිලා මානසිකව වේදනා විඳින කාලයක. මං හිතනවා මගේ ආදරෙන් මාධවීට අහිමි වෙලා තිබ්බ සතුට සැනසුම ඇගේ ලස්සන හිනාව ආයෙත් ඇයට ලැබුණා කියලා. මගේ ලොකුම සතුට ඒක. “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: