hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 08, පෙ.ව. 6:27



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.

කොහොම හරි මේ විදිහට මේ පුංචි පවුල ගොඩක් සතුටින් ජීවිතය ගත කරද්දී පසුගිය දවසක නොසිතූ විරූ ආකාරයෙන් මාධවීගේ ආදරණීය තාත්තා වන ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට පත් වුණා.

ඒ අනතුරු නිසා ඔහු තවමත් සිහිසුන් තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ.

මේ දිනවල ඇන්තනී පවුලේ සහෝදරයන් අතරින් වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ මාධ්‍යවී වත්සලා ගැන.

ඒ ඇගේ සැමියා වන මිලාන්ගෙන් වෙන් වීමත් ඇගේ අලුත්ම පෙම්වතා කසුන්ව මාධ්‍ය‍යට හඳුන්වා දීමත් සමඟ ඇය ගැන හැමෝම කතා කරන්නට පටන් ගත්තා.

මේ දෙපළ ගැන විවිධ කටකතා පැතිර යන මොහොතක මේ දෙන්නා පෝය දවසේ පන්සල් ගිහින් තිබුණා.

පන්සල් ගිහින් ගත්ත ඡායාරූප කීපයක් සමාජ ජාලාවල පළ කරන්නත් ඔවුන් අමතක කළේ නැහැ.

විශේෂයෙන් ඒ ගත්ත ඡායාරූපයකට කසුන් අපූරු කවියකුත් ලියලා තිබුණා.

ඒ සඳහා මාධවී ඇන්තනි පළ කර තිබුණේ මෙවැනි දෙයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: