hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 02, පෙ.ව. 4:54



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

මේ දිනවල ඇන්තනී පවුලේ සහෝදරයන් අතරින් වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ මාධවී වත්සලා ගැන.

ඒ ඇගේ සැමියා වන මිලාන්ගෙන් වෙන් වීමත් ඇගේ අලුත්ම පෙම්වතා කසුන්ව මාධ්‍ය‍යට හඳුන්වා දීමත් සමඟ ඇය ගැන හැමෝම කතා කරන්නට පටන් ගත්තා.

ඉතින් මේ දිනවල ඇය ජීවිතේ සුබවාදීව ගත කරන්න උත්සාහ කරනවා කියලයි මාධවී නම් කියන්නේ.

ඒ වගේම කොයි තරම් බාධක කම්කටොලු ආවත් ඉවසීමෙන් උපේක්ෂාවෙන් බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා කියලත් ඇය කියනවා.

මොකද දැන් ඇයට ජීවත් වෙන්න හේතුවක් තියෙන නිසා ජීවිතේ අලුතින් ලියාගෙන යනවා කියලයි ඇය කියන්නේ.

ඉතින් කසුන් මහේන්ද්‍ර හීනටිගල කිව්වාම ඔහුව හඳුනන පිරිසක් අද ලංකාවෙ ඉන්නෙ ඔහුගේ දක්ෂකම් නිසා කියලත් ඇය කියනවා.

ඒ වගේම කාලෙක ඉදන් ඔවුන් හොඳ යාළුවෝ නිසා ඇයගෙ ජීවිතේ බිංදුවටම වැටුණු මොහොතක තමයි කසුන්ට ඇය ගැන හිතක් පහළ වෙලා ඇයට යෝජනා කරලා තියෙන්නේ.

ඉතින් අද වෙනකොට ඇයට අප්පච්චි ඇරුණාම ඉන්නෙ ඔහු විතරයි කියලත් ඇය කියනවා.

මොකද ඇයගේ අප්පච්චි වන ජැක්සන් ඇන්තනී මහතා රෝගී වුනු වකවානුව තුළ ඇයට පිටුපාලා ඇයව කොන් කරලා තනි කරපු අය තමයිලු ඇයගෙ ළඟ හිටියෙ.

ඉතින් අප්පච්චිත් අසනීප වෙලා නිහඬ වුණ තැන ඔහු ඇයට වාරුවක් වගේම සහනයක් වුණා කියලයි මාධවී නම් කියන්නේ.

ඒ වගේම ඇයට ඇයගේ වටිනාකම කියා දුන්න නිසා ඇය හරිම සතුටින් එතැන නැවතුණා කියලත් ඇය කියනවා.

ඉතින් දැන් ඇස් වහක් කටවහක් නෑ ඇයට කවදාවත් නැති තරම් ජීවිතේ බරපතළකමක් අද දැනෙනවාලු.

ඉතින් දැන් කසුන් ඇයව පියෙක් වගේ රැකබලාගන්නවා වගේම ඇයගේ වුවමනා එපාකම් සපයනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඉක්මනට ජීවිතේ පිළිවෙළක් කරගන්න අවශ්‍ය වුනත් ඒකට සමාජ ආර්ථික වපසරිය නිර්මාණය කරගන්න ඕනෙ කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඔවුන්ගේ බැඳීම තුළින් දිගු නව නිර්මාණ චාරිකාවක් යන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: