hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 28, පෙ.ව. 12:04



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ඉතින් යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර “දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON – XI” සිහින තාරකාවිය ලෙස කිරුළු පැළඳීමට අංජලි හේරත් සමත් වූවා.

ඒ, ඊයේ (25) රාත්‍රිය වර්ණවත් කරමින් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අවසන් මහා තරගයේදී තියුණු සටනකින්.

මධුමාධව සිය මුහුණුපොතට සටහනක් පළ කර තිබුණා.

අංජලී හේරත් මධුමධාවට ස්තූතියි කරමින් කමෙන්ට් එකක් තබා තිබුණේ මෙලෙයි.

අමතක අයට මතක් කරල දෙන්න

අංජලී……

අමතක වෙලා තිබ්බ….

ඔව් සමහර මුලවල් මතක් කරාම අමතක වෙන් නෑ…..

අමතක වෙලා තිබ්බෙ මට..අංජලීට නෙවෙයි, මට.

ඇය එය ආදරනීයව මතක් කරල තිබ්බ….

ඇයට ජය පතා මා ලියූ ලිපියට ඇය සෙනෙහසක් දීල තිබුනා මුල මතක් කරල.

ඇයට මුල මතක තිබ්බ…

මුල මතක එකට විතරක් නෙවෙයි..

එදා පැරදිලා තිබ්බ එකටත්..

මට සතුටක් දැනුනා…

එදා පුංචිම අන්ජලී තරගෙන් සමු අරන් යනකොට ආපු දුක හිතේ තිබ්බ නිසා වෙන්න ඇති අද තරුන ඇය දිනපු වෙලාවෙ පපුව පැලෙන්න වගේ ආවෙ….

ඇස් වල කඩුලු පිරුනේ…

අන්ජලීගෙ තාත්තා අම්ම පපුව පැලෙන්න තරම් සන්තෝස් ඇස් වලින් ව්දිද්දි..

අපිට ඒ ආඩම්බර මූන වල තිබ්බ ලොකුම ලොකු කතාව තේරුනා…..ඔව් එයලයි ඔබ දිනෙව්වෙ…. කාටවත් නොකියපු පරාජ දරා ගත්තා අම්ම තාත්තලගෙ සතුටු කදුලු…

ඔබ දිනෙව්ව…

ඒ වගේම තමන් ගෙ දරු පැටියට ලගටම ගිහින් ඔටුන්න මග හැරුන ම ඒ අම්ම අප්පලගෙ කඩා වැටෙන පපුත් දවසක දිනනවා සත්තයි….

ඔවුනුත් දිනක කෑ ගහල අඩල ඔටුනු පලදියි අනාගතයේ…ඒ ත් දරුවො, ඒත් අම්ම අප්පල ඒ මූනු වලට ආව දුක බල බල සාස්තර ලියන අයට….

ඉක්මනින් ඒ අත් දැකීම ලැබේවා..

ජීවිතේ පරාජයේ දුක දැනේවා….

පරදුන අපි හෙට දිනයි

දිනපු අපි හෙට පරදියි…

ජීවිතේ කියන්නෙකොටුන්නක් නෙවෙයි.

ඔටුනු ගොඩක්…

ඉතිං, ජීවිතේ එහෙම තමා…

බය නැතිව පරදින්න…..

එතකොට දිනන දවස තව ලස්සන වෙනව.

බර වෙනවා…..

දෙවනි තුන් වෙනි සිව්වෙනි තැන් ලබපු

හිරුශ, අපූර්වා, විදූශා..

අමාරු වෙන්න ඇති ඔයචූටි පපු වලටත්..කිරුලෙන් ඈත් වෙන කොට…

ඒත් ඇට ලේ මස් නහර වලින් හැදුන අම්ම අප්පලගෙ හීන…..

අද පැරදුනා තමා…දරුවනි ..

.ඒත්….

පමාවෙලා එන,වසන්තය

පැරදුමට පස්සෙ එන ජය…

හරිම රහ බව අනාගතය කියා දේවි…

අපි හැමෝටම අපිට උරුම ඔටුන්නක් තියෙනවා…..

අන්න ඒ ඔටුන්න හොයන් මෙය කියවන, අපි හැමෝම…දුවමු..

පැරදුන හැමෝම දුවමු

වැරදුන හැමෝම දුවමු

වට්ටපු හැමෝම දුවමු

හිත පෑරුන මගේ රටේ හැමෝම දුවමු.

ඔටුන්න බලා ගෙන ඉන්නවා ඔබ එනකම්..

මිනිස්සු හරි ආසයි…

දෙයක් වර්නනාකරන්න අනික් දේ පාගගෙන…

ඔවුන් හොයනවා..

විජයද, ගාමිනීද

ජෝතිද අමරදේවද..

කොටින්ම ගඩොලක් දෙකට පලන් කෝකද හොද අරකට වඩා මේක හොද කිය කිය තර්ක කරනව, රන්ඩුත් වෙනවා, පැසවනවා…

ඇත්තටම අපිට පුලුවන් ඕනෙ තරම් රසවල්

එකට තියා ගන්න….

අන්න එහෙම මිනිස්සු, ගෑනු

කන්ද මුදුනෙදි ඔක්කම දවසක හමුවෙයි..

ඒ තමා අපේ රටේ සිංදු කියපු ආදරනීයන් අපිට හදපු කදු මුදුනෙ නගරය….

ඒ කන්දට මේ රටේ මිනිස්සු කිව්වෙ..

අපේ සිංදු කන්දේ සිංදු නගරය කියල….

ඉතිං දැන් දන්නව නේද…

ඒ නගරයේ තෑගි තියෙනවා…

පියාබන්න…ගහන ගල් වලට උඩින්…

ගලකට ඉහල යන්න පුලුවන් ටික දුරයි..

ඊට උඩින් පියාබන්න….

ජයම වේවා…

මදු මාදව පරාජ ජය වින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: