hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2023 නොවැම්‍බර් 30, ප.ව. 4:41



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා. ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගේ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මධුමාධව හරි අපූරු ජායාරූප දෙකක් සමගින් මුහුණුපොතට හරි අපූරු කතාවක් එකතු කරලා තිබ්බේ මෙහෙමයි.

ෆොටෝ ගන්නකොට සීතා

පස්වෙනියට රාමා

රාම දනී මල හන්ගල

ෆොටෝ ගන්න සීමා………………………………………………….

ඩුකා ගෙ මේ කුප්ප වැඩට

තෙන්නකෝන් අහු උනී

සෙල්ෆි ගහන කොට සීතා

රාමානම් නොම දනී

ඈව ෆොටෝවට නොඉන්න

ෆොටෝ ගන්න මම දනී

ෆොටෝ ගන්නවානම් මට

කියල ගන්න නිල්මිනී….

…………………………………………………………………..

දුකා කියන අලුගෙ/ත්තූරු සුන්දරයා

නසරානිකමට….

මට කැමර එක දීල පොටෝ ගන්න කිව්ව…

මම නිල්මිනීව හන්ගල ගත්ත සෙල්ෆියක් නෙවෙයි ,පොටෝ එකක්….

නිල්මිනීටත් දීල මට හොරෙන් ගන්න ..කියල

එයා දුකාගෙ කුප්ප වැඩේට අහු උනා..

දැක්කනෙ මගෙ ටිකිරි මොලේ..

ජීවිතේ ආදරනීයව බැලුවම…

ඕනෙම තැනක ආදරනීය කම් තවරන්න පුලුවන්….

ඇයටත් මට වගේම…

පමා වෙලා එන වසන්තය ලැබේවා….

දුකා ට මේ වගේ සුන්දර කුප්ප වැඩ කරල භැක හැක ගාල හිනා වෙන්න ලැබේවා….

දුකාගෙ ආයුශත් අරන් නිල්මිනී බොහෝ කල්…..ජීවත්වේවා

මට මෙහෙම ජීවිතේ හෙවන දුන්නගස් වලට සුබ පතන්න පපුවෙන්ම නිදහස දුන්න..

මගෙ පන වන් සීනි බනිස් ගෙඩිය,

මේ හැම දේම විදීවා…

මදු මාදව ෆොටෝවින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: