hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:04



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

සංජීව් ලෝන්ලියෙස් ගැන මේ වෙනකොට සමාජයේ කතා බහක් ඇති වෙලා තියෙනවා.

 සංජීව් ගැන කියමින් මධුමාදවත් ඔහුගේ මුහුණු පොතට සටහනක් එකතු කරලා තිබුණා.

එම සම්පුර්ණ සටහන පහතින්,

ජීවිතේට එකවරක් වත් නොවැරදුන එකා හෝ එකී පලවෙනි ගල ගන්න ….

අපේ සිංදු අහන්න අපිට ලෝකෙන්ම ඉන්නෙ නුබල විතරයි…..

අපිට වැරදුනාම හිත් කුඩු වෙන්න ගහන්න එපා….

නුබලට කිසි දිනක නොවැරදුනාට….

අපිටනම් වැරදුනා…

වරදිනවා

හෙටත් වරදියි…

මිනිස්සුන්ට ගැහැනුන්ට වරදිනවා රත්තරනේ..

වරදක් පෙන්නන එක ලස්සන දෙයක්…

අපි බලන් ඉන්නව අකුරක් ලියන්න මොකෙක්ට හරි අපිට වඩා හරියනකම්..

අපිට එරියස් නෑ…

තව කොටසක් බලාගෙන ඉන්නවා.. මොකෙක්ට හරි මොකියක්ට හරි වරදිනකම්..බුකියෙ රගන්න..

උන් ලියද්දි පපුවෙ තියෙන අමුම අමු කුහක ඇරියස් පෙනෙනකොට උන් ගැනත් දුකයි…

ඇත්තම කතාව, එහෙම බුකියෙ සාහසික විදිහට කාට හරි වරදිනකම් බලන් ඉන්න උන්ටත් හදා ගන්න බැරි තැනක වැරදිලා..

. උන් ඒකෙ වාඩුව ගන්න් උන්ට වරද්දපු උන්ගෙන් නෙවෙයි..

උන්ට වඩා හරිගිය එකෙක්ට වැරදුනහම, ඒ වරද්ද හදා ගන්න පොලොබවන් නැතිව..

අරූ ඉවරයි…

අරකි ඉවරයි..

කියල ජීවිතේට නොවැරදුන උන් සේ

රගනවා රෙද්ද උස්සගෙන……

ඒ වරද්ද උඩ නැගලා උන් රෙද්ද උස්සල කියනවා ,,, අන්න අරූ හෙලුවෙන් කියලා..

අර දේශපාලුවොන්ට වගේම කලා කාරයන්ටත් බනිනවා….

අර තක්කඩි දේශපාලකයන්, උබල ලියන ඔය අකුරක් වත් සත පහකට ගනන් ගන් නෑ..

උන් රස්සාවට අපිට වරද්දන උන්..

ඒත් මේ කීයක් හරි හොයන් ජීවිතේ පුරවගන්න හදන අහිංසකයන්ට වැරදුනාම, උබලට වැරදුන දා නුබල නුබලට සලකපු විදිහට සලකමුද…..

ඒක වරද්ද හදා ගත්තොත්, හෙන ගහනවද?

ඌට වැරදුනාම අපිට හරියනවද…

උන් සහරාන් ලද…

දෙමටගොඩ ඊබ්‍රාහිම් ලද…

අපෙ බැංකු බිදපු ඇලෝශියස්ලද..

උන්ට බුකියෙ නොබනින උන්ට…

සිංදුවක් වැරදුනාම නටන නැටිලි..

අපි ආදරනීය රසිකයන් නේද එක සිංදුවක් හරි කාගෙ හරි වින්ද….

ඉස්සර රසිකයන් දේශපාලනය පටල ගත්තෙ නෑ…. වැරදුනාම මරන් කන්න ආවෙ නෑ…

ශ්‍රී ලන්කා කාරයො

ජෝතිගෙ සිංදු ඇහුවා…

යූ අන් පී කාරයො විජයගෙ රූපෙ මැව්වා…

අද…..

රසික වේශයෙන් ඉන්න දේශපාලන ඇරියස් කාරයන්ගෙ අමු කුහක කම්..අකුරු අස්සෙන් ගලද්දි…..

කැත පෙනුනේ..

අමු කුහක හිත් වලයි…..

හොරා කාපු , අපිව රවට්ටපු දේශපාලක තක්කඩියන්ට බනින විදිහට… උන්ගෙ වැරදි පෙන්නන විදිහට..

බත් ටික කන්න සිංදුවක් කියන,

රගපාන ,නටන නුබලට අබමල් රේනුවක වරදක් නොකල නුබලගෙ රටේ කලාකාරයොන්ට බනින්න එපා….

වැරදුනා, වැරදෙනවා, වැරදෙයි…

වරදක් උනාම ඒක ලස්සනට පෙන්නන එක ලස්සනයි….

නන්දා මාලනියට වැරදුනා…

ඇය එලිමහන් ප්‍රසංග අත හැරියා…

හැබැයි, එලිමහන් ප්‍රසංග නන්දාවො අත හරියෙ නෑ..

තවම ඒ දෙගොල්ලන්ම ඉන්නවා..

ඒ රසිකයන්.. දේශපාලකයන් ට සලකන විදිහට නෙවෙයි සිංදු කාරයන්ට සැලකුවෙ…

කපුගේ අයියට වැරදුනා, සමහර දවස් වල, එදා රසිකයා

කපුගෙ පිම්බුව වැඩියි…

කපුගෙ හෑවා…

කපුගෙට බෑ…

කිව්වෙ නෑ….

කපු අයියා සන්ෆ්ලවර් එක්ක සිංදු නොකීවනම් හොදයි කියල ලස්සනට කිව්ව….

කපුගෙ අයියා උත්තර දුන්නා….

මන් නොකිය ඉන්නම් මල්ලියේ…

උබල මගෙ දරුවට, මගෙ නෝනට, බත් ඇටයක් අරන් දෙනවද….

එහෙම බත් නොඉදෙනදා..

උබල කොහෙද හිටියෙ මගෙ මල්ලියේ කියල අහන කොට…..

මිනිස්සු නිහඩ උනා….

එදා මිනිස්සු කපුගේව බලන්න කලබල ප්‍රසංග වේදිකාව යටට නිහඩව ආවා…..

කපුගේ මැරෙනකම්, මැරුනෙත් ප්‍රසංගයකට ගිහින් එද්දි….

අනේ මහත්ටුරුනේ

නෝන වරුනේ

වැදල කියන්නම්….

නුබල බිහි කරන දේසපාලකයො

උන් එන්නෙ රට හදන්න කියල අපිව රවටද්දි..

අපි සිංදු කියන්නෙ කලාව කරන්නෙ කලාව හදන්න නෙවෙයි..

ලංකාවෙ කලාව ඔසවා තබන්න නෙවෙයි…

අපිත් නුබල වගේම ජීවිතේ බත් ටික කන්න පුන්චි උන්චි හීන වලට යන්න..

සමහර විට නුබල වගේ වෙන වෙන දේ, රස්සාවල් කරන්න බැරිකම නිසා සිංදුවක් කියල ජනප්‍රිය වෙලා ගෙදරට කෑම ටික ගෙනියන්න තමා ඔය එක එක දේවල් කරන්නෙ…

ලස්සනට වැරද්ද පෙන්නපු අයට නෙවෙයි මන් මේ කියන්නේ…

අමු මොන එකෙක්ද?

සුදත් නාවල හෑවා අමු කියල…

අන්ජලී අමු කෑවා…

එහෙම කියන උන් පිලිගන්න ඕනෙ ” අමු” කියල මෙතෙක් නොතිබ්බ දෙයක්

දැන් හැදිල තියෙනවා…

තරුන කොල්ලෙක් හදල…

ඒකට කැමති අය ඇති

අකමැති අයත් අති…

හැබැයි ඒක ජාතික අපරාදයක් නෙවෙයි බන්.

ඔව් සංජීව්ට හිරු එකේදි වැරදුනා..

ඒක කියන්න ගිහින් සුගත් නාවලගේ ට සුගතදාස එකේදි වැරදුනා….

එතකොට සංජීව්ට නොවැරදුන තැන් නුබලගෙ බුකියෙ අකුරු උනාද..

අවුරුදු තිස් ගානක් ලංකාවෙ අපිට රස්සාව කරන්න පාන්දර පහ වෙනකම් ගිටාර් ගහපු, සැබවින්ම වැඩ්ඩෙක් වෙන සුගත් ට හරි ගිය තැන් උබලගෙ බුකියෙ ලිව්වද…..

එදා සුගත දාස එකේදි උන කාර්මික දෝශ සියල්ල දරාගෙන ප්‍රවීන සුගත් ප්‍රසිද්ධියේ

අලුත් සන්ජීව්ගෙන් සමාව ගත්තා….

මොන තරම් ආදරනීයද……

ඔය ලියන එකෙක් මොකා ගෙන්වත් සමාව අරන් නෑ උන්ට වරදින කොට…

ආ නෑ.. උන්ට වරදින්නෙම නෑ..

තමන්ගෙ කරන රැකියාවෙ කිසිම එකෙක් තමන්ට වඩා උඩින් නොතියෙන මිනිස් බුකියේ, අපි සහ මේවා කියවන අපේ උන් එහෙම නෑ.

මොකද අපිට වඩා හරියන්න ඕනේ ඊලග පරපුරට….එහෙම කියන්නෙ අපිත් අපිව හොයා ගත්තෙ මේ රටේ මිනිස්සු නිසා තමයි.

වෙන කාටද අපි සිංදු කියන්නෙ….

අපිත් වරද්ද ගත්ත උන්…

අපිත් වැරදි හදා ගන්න උන්…

උන් ලංකාවෙ හැම වේදිකාවෙම කරක් ගහල උන්ගෙ හරිම තැන හොයා ගයි….

වැරදුනාම ඒක ලස්සනට කියා දෙමු…

පිච් එකට සිංදු කියන්නම ඕනෙද කියලා සංජීව් කිව්ව කියල එකක් හදාගෙන , එකක් හදල ඒක අරන් තව කට්ටියක් දුවනවා..

ඇත්ත සන්ජීව්ගෙ පිටුවෙ එහෙම එකක් නෑ..

ඇත්ත පිටුවෙන් උඩ කෑල්ල අරන්

කවුදෝ ඒකට කෙලවන්න දාපු එක..අන්න අරන් දුවනවා…

අනේ අපේ ආදරනීය රසික හිත්..

බැරිකම් නිසා කැත උනාවත්ද…

මෙවැනි ලිපි එහෙම ආයෙමත් වෙනස් වෙන්න

ආස ආදරනීයන්ගෙ..

ඇස් ගැටේවා……

සංජීව්, සුදත් තව වරද්ද ගෙන හරි

අපිව හොයා ගමු….

කැලැල් දැක හිනහෙන්නේ

තුවාල නොලද්දෝමය…

මේ ලිපිය ලිව්වෙ…

හොදටම වරද්ද ගත්ත එකෙක්..

හැම ආරම රස එකෙක්…

හන්දි හන්දි ගානෙ බත් ටික කන්න සිංදු කියන එකෙක්…

දේශපාලනය යෙන් සත පහක් හම්බ නොකරපු, දේශපාලුවො කලා කාරයන්ට දුන්න කිසිම දෙය්ස්ක් නොගත්ත එකෙක්…

අපි පතන්නේ…

මේ රටේ හෙට බිහිවෙන්න ඉන්න කලාකරයන්

වැරදුනාට පරදින්න එපා….

උන්ට බඩගිනි වෙනදා..

බත් ඇටයක් දෙන්න..

බොහෝ විට හෙට කවුරුත්ම නැතිවෙයි.

ඔබ කරන්නෙ සේවාවක් වෙන්න පුලුවන් ඔබ ගැන නොසිතා …

අනේ මහත්තයෝ

නෝනාල…

අපි කරන්නේ අපිටත් ජීවත් වෙන්න නුබලට එක එක දේ කරල පෙන්නන එක…

වෙන කාට පෙන්නන්නද අපි..

නුබලාට හැර..

ඒ හිංදා අපිට වැරදෙන කොට..

අපිව තලන්න එපා..

නුබල නැත්‍තම්…

අපි බඩගින්නෙ…..

උබලට ජය…

මදු මාදව වැරදිවින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: