hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 04, පෙ.ව. 12:03



මධුමාධව අරවින්ද කියන්නේ එක්තරා අවස්ථාවකදී ගායකයෙක් විදියටත් තවත් අවස්ථාවකදී දේශපාලන වේදිකාව තුළත් විවිධ චරිත නිරූපණය කරපු කලාකරුවෙක්.

මොන මොන අංශවල නිරත වෙලා හිටියත් ඔහු තුළ ඉන්න කලාකරුවා කියන චරිතය නම් කවදාවත් නැති වුණේ නැහැ.

ගායන ශිල්පියෙක් විදිහට මේ වෙද්දි ක්ෂේත්‍රය තුළ නිරත වෙලා ඉන්න මදුමාදව නොයෙකුත් අවස්ථාවන්වලදී හරි අපූරු කවි සංකල්පනා තමන්ගේ මුහුණු පොතට එකතු කරනවා.

නිතරම සමාජයේ සිද්ධ වෙන සිදුවීම් අල්ලලා ඔහු විවිධ නිර්මාණාත්මක සටහන් මුහුණු පොතට එකතු කරද්දී ඒ වගේම තවත් ටිකක් හිටිය යුතු ආකාරය සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.ඔහු කියලා තිබ්බේ මෙන්න මේ වගේ කතාවක්.

“ඉස්සර වගේ ආදරෙ නැත්තම්…

එයාටත් හොරෙන් කොටුවක් පනින්න…

එදා තිබ්බ ආදරේ දැන් නැත්තම්…වයස කීය උනත්.., එහෙම ආදරයක් පිටින්, හොයා ගන්න….

ඔබ දිනක මැරිල යනව මිසක්.. නිවන් යනවද අපි හරියටම දන් නෑ…. ස්වර්ගෙ යනවද කියල අපි හරියටම දන් නෑ…

ආදරය, රාගය , සෙනෙහස  නැතිවත් මන් කාගෙන හිටිය කියල මොකෙක්වත් සම්මානයක් දෙන් නෑ…

එහෙම මිනීවෙලා ඉන්න ඔබට අයිතියක් නෑ…

මොකද ලෝකෙ ලස්සන

ආදරේ විදපු, විදින, විදින්න ඉන්න මිනිස්සුන්ගෙන් මිසක්…

අපි දැන් අම්මල, තාත්තල 

කියල යුතුකම් වලට යටවෙලා

තමන්ට තමන්ව නැතිවෙලා..

ජීවත් උනත් මැරිච්ච මිනියක් උන අයගෙන් ලෝකෙම කැත උනා…..

බදින්න නෙවෙයි…

ජීවත් වෙන්න ආදරයක් හොයා ගන්න…

පාඩමක් උගන්නන්න…

උබ වෙනස් නම් මමත් වෙනස්…

පවුල් වෙලා නම් ඉන්නෙ පවුල කඩා ගන්න එපා…

හොරෙන් කොටුවෙන් පනින්න….

හැබැයි ආදරේ සෙනහස රාගය ප්‍රේමය දැන් නැත්තම් විතරක්…

කොටුවෙන් පනින්න….(හොදම යාලුවටවත් නොකිය හැබැයි.. උන් පාවාදෙනවා..

අපිට එහෙම ඕනෙ නෑ අපි වෙනස්, අපි දැන් මැරිල , අපි දැන් පංසල් පල්ලි කියල හිතන අය..

අපිට ඕවට වඩා වැඩ තියෙනවා…එහෙම හිතන අය….. එහෙම හිතන්න…..

එහෙම නැති අය හිතමු..

අපිට තවම…..

අතින් අල්ලන්න…

සිප ගන්න….

මිරිකන්න…

ඇගිල්ලක් ගෑවුනත් හිරිගඩු එන්න…

තුරුල් වෙලා ඉන්න..

තොර තෝංචියක් නැතිව කතා කරන්න..

තැනක් නොතැනක් නැතිව උනුහුම් වෙන්න..

වල් කම් , ආදරේ, තක්කඩි කම්, කාටවත් නොකියපු කතා එක්ක මත් වෙන්න…..

උරහිසට බර වෙලා තරු ගනින්න…

නලල ඉබල පපුවට තුරුල් කරගන්න..

කකුල් දෙක පලල් කරල ජීවිතේ ඇතුලටම ගන්න….

මේ වගේ ආදරනීය

තක්කඩි සුන්දර අත්දැකීම් තවම තියෙනවනම්..

පනවගේ ඒ ආදරය රැකගන්න..

මොකෙක්ටවත් මොකියක්ටවත් හිතන්නවත් දෙන්න එපා ඔබේ පපුව අස්සට එන්න…

වයස කීයක් උනත් එහෙම පපුව පිරෙන්න ආදරයක් තවම ලබනවනම්…

ඒ ආදරේ ඔබ පරිස්සම් කර ගත යුතුමයි…

එහෙම ආදරයක් දෙන් නැත්තම්…

ඔබේ ඔහු හෝ ඇය…..

හොයා ගන්න එහෙම ආදරයක්….

ලෝකෙටම හොරෙන්….

ලබන ආත්මෙ හමු වෙන්න , නෙවෙයි..

ඔබට ජීවිතේ බෙදා ගන්න

කපටියෙක්ට , කපටිච්චියෙක්ට අහු නොවී…

ආදරයට විශ්වාසයට අහු වෙන්න….

ඔබ ගැහැනියක් උනත්…

පිරිමියෙක් උනත්…

ප්‍රේමය, රාගය, උනුහුම, සෙනෙහස, ආදරය 

කියන්නෙම…..

ක්‍රියා පදයක්…….

තියෙනවනම් පන වගේ රැකගන්න…

නැත්තම් වහාම….

වහාම….

වහාම

තාවකාලිකව හරි හොයා ගන්න…….

සම්මතද අසම්මතද ලොකුද පොඩිද අරයද මෙයාද වැඩක් නෑ…

හොයා ගන්න..

ඇයි කියල අහන්න එපා…

හොයා ගන්න..

එච්චරයි….”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: