hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 21, පෙ.ව. 12:02



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

මධුමාධව අරවින්ද ගැන දන්නා නිසාම ඔහුගේ මේ කතා විහිළුවක් ස්වරූපයෙන්ම ගන්න, ඔහු වටා රොක්ව ඉන්න පිරිස දැන් හුරුවෙලා.

ඔන්න ඉතින් ඔහුගේ අලුත්ම සටහනට මාතෘකාව වෙලා තිබුණෙ ජනප්‍රිය ගායන ශිල්පි නාමල් උඩුගම.

නාමල් උඩුගම සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ මෙන්න මේ සටහන තමයි, මධුමාධව අරවින්දගෙ කතාවට මූලික වෙලා තිබුණෙ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: