hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 08, පෙ.ව. 12:01



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

මධුමාධව අරවින්ද ගැන දන්නා නිසාම ඔහුගේ මේ කතා විහිළුවක් ස්වරූපයෙන්ම ගන්න, ඔහු වටා රොක්ව ඉන්න පිරිස දැන් හුරුවෙලා.

මධුමාදවට විශේෂ වුණු ඊයේ දවසෙ ඇයගෙන් ඔහුට හරි අපූරු සුබපැතුමක් ලැබිලා.

ඔව්… ඊයෙ මේ ආන්දෝලනාත්මක කතා අරන් එන කලා තරුවගේ උපන්දිනය.

ඒ වෙනුවෙන් තමයි ඔහුගේ බිරිඳ මෙහෙම සටහනක් තබා තිබුණේ.

”අද මාර්තු 6 එයාගෙ දවස.

උපන් දිනය සමරන්න කෙක් කපන්න අකමැති, surprise කරනවට අකමැති,මහප්‍රාන ඉටු නොවන පැතුම් පතනවට අකමැති, මගෙ මහත්තයගෙ උපන් දිනය එයා කැමති ලෙස ගත කරන්න ලැබෙවා.

එත් ඔයා මගෙ ජිවිතෙ වටිනාම කොටස කියල විතරක් අයමත් මතක් කරන්නම්.

ලස්සනට හිතන්න, ආදරනියව ලොකය දකින්න, මනුස්සයන්ගෙ දහසක් වැරදි තිබුනත් එකම එක හොද විතරක් සමරන්න විතරක් නෙමෙයි එහෙම අයගෙන් ඇතින් ජිවත් වෙන්න කියල දුන්නෙත් ඔයා.

කෙනෙකුගෙ හිත රිදෙයි කියල කරන්න බැරි දෙවල් බාර අරන් විදවන්නෙ නැතිව කෙලින් කතා කරන්න කියල දුන්නෙත් ඔයයි.

ලොකයටම නරක කෙනා අපට අදරනියනම් හදවතින්ම වැලදගන්න කියල දුන්නෙත් ඔයයි.

ලොකයම අපට වරදවා වටහ ගත්ත මොහොතකත් අපි නිවැරදි නම් සතුටින් ඉන්න කියල දුන්නෙත් ඔයයි.

හෙවන දුන් ගස් වලට ගරු කරන්න ඉගනගත්තෙත් ඔයාගෙන්මයි

කොටින්ම කිව්වොත් අද මෙ ඉන්න මාව සතුටින් ඉන්න ඉගැන්නුවෙම ඔයායි.

එ හැමදෙයකටම වඩා මෙ ලොකෙ මම වෙනුවෙන් හුස්ම ගන්න එකම කෙනා ඔයායි.

කාත් කවුරුවත් නැති මට ලොකයක් උනාට ඔයාට පනටත් වඩා ආදරෙයි

එහෙනම් ඔයාගෙ දවස ඔයා කැමති ලෙස ගෙවන්න ලැබෙවා ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: