hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 28, ප.ව. 6:01



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

මේ වන විට නැවත වතාවක් ජනාධිපතිවරණයට සූදානම් කියලත් කතාබහක් ඇති වෙලා තියෙනවා.

හරි අපුරු ලස්සන ජායාරූප කිහිපයක් සමගින් හිටපු ජනපති සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

රටටම බත සපයන රජරට ගොවි නියම්ගම් ජලයෙන් සුපෝෂණය කරමින් රන් ජලකඳ ගලා යන්නේ දශක ගණනාවක රජර‌ට ගොවීන්ගේ කඳුළු කතාවේ අවසානය සනිටුහන් කරමිනි.

දහසක් අභියෝග මැද ලංකා ඉතිහාසයේ විශ්මිත වාරි නිපැයුම් ද්විත්වය මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය අහිසංක ‌ගොවි ජනතාව වෙනුවෙන් දායාද කිරීමට ලැබීම පිළිබඳව මා හට ඇත්තේ නිරහංකාර ආඩම්බරයකි.

මෙම සුවිසල් ජලාශ ද්විත්වයේ රන් ජලකඳ දෙස බලමින් මා සිහි කරන්නේ කර්කෂ රජරට ගොවි පවුලක ඉපිද රටටම නායකත්වය දීමට ලැබුණු භාග්‍ය සේම, අපරිමිත වෙහෙසක් දරා තම ජීවය රැකගන්නා දහස් ගණන් ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට මා හට ලැබුණු මහඟු අවස්ථාවේ සංතෘෂ්ටියයි.

මෙම ජලාශ ද්විත්වය ඔස්සේ ගොවි බිම් කරා පියනගන්නේ ජලය සමග මුසු වූ මාගේ කෘතඥ පූර්වක යුතුකමේ ආශිර්වාදයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: