hit counter

2024 මැයි මස 22 වන බදාදා

2023 මාර්තු 11, පෙ.ව. 6:01



මිලාන් සිල්වා මේ පුද්ගලයා කලාකරුවෙක් නොවුනත් පසුගිය කාලසීමාව පුරාවටම ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කළා. ඒකට හේතුව ඔහු විවාහ වුණේ ක්ෂේත්රයේ අති දක්ෂ  රංගන ශිල්පිනියක් වන මාධවී ඇන්තනී සමඟ නිසයි. මේක මාදවීගේ දෙවැනි විවාහය. 

කොහොමහරි ඇයත් එක්ක ඉතාමත් සතුටින් ඔහු කාලයක් ජීවිතය ගත කළා. නමුත් අපිට පසුගිය කාල සීමාවේ අවාසනාවට අහන්න ලැබුණු කතාවක් තමයි මේ දෙන්නා විවාහයෙන් වෙන් වෙලා කියන දේ.

ඇත්තටම ඒ ගැන ස්ථිර ම දෙයක් දෙන්නයි එක්කෙනෙක්වත් මාධ්‍යයට කියලා තිබ්බේ නැහැ. ඒ නිසා කවුරුත් ඒ ගැන චකිතයෙන් තමයි හිටියෙ.

නමුත් දැන් මාධවී ඒ ගැන විවෘතව අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඒකට හේතුව ඇය තමන්ගේ ආදරණීය අලුත් පෙම්වතා සමඟ අලුත් ජීවිතයක් පටන් ගන්න තීරණය කරපු නිසා.

ඔහු ක්ෂේත්‍රයේ නැගී එන රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල. කසුන් සහ මාධවී ගැන කටකතා එකිනෙක නිර්මාණය වෙන කාලෙකදි තමයි ඇය මොහු ගැන කියන්න පටන් ගත්තේ.

කොහොමහරි මේ දෙන්නා ඉතාමත් ඉක්මනින් විවාහ වෙන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.ඇය මිලාන් ගෙන් වෙන් වුනත් මිලාන් කිසිම අවස්ථාවකදී ඇයට බැණ වැදීමක් කරලා නැහැ.

කොටින්ම ඔහුගේ  මුහුණු පොතට සමහර පුද්ගලයන් මාදවීගේ සහ අලුත් පෙම්වතාගේ ඡායාරූප එකතු කරද්දී පවා ඔහු ඒ වෙනුවෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ.

ඒ වගේම තමයි මේ සම්බන්ධතාවය නැති උනේ මුල ඉදන්ම තිබ්බ නොගැලපීම් නිසා කියලත් මාධවී සඳහන් කරලා තිබ්බා.ඉතින් තාමත් නිහඩ වෙලා ඉන්න වෙලාවක පසුගිය දවසක ඔහුගේ මුහුණපොතේ හරි අපූරු පෝස්ට් එකක් පළ කරලා තිබුණා.

එහි සඳහන් ව තිබුණේ මෙවැන්නක්.

“මම ඔබට එක රහසක් කියන්නම්. ඔබේ ජීවිතයේ ප්‍රමිතියක් තබා ගන්න. ඔබ විවාහ වීමට සුදානම් නැති නම් ඔබ පෙම් හමුවකට සුදානම් නෑ. එච්චරයි. එහෙනම් ඔබ පෙම් හමුවකට පෙළඹෙන්නෙ ඇයි ? විනෝදයට ඔබට සතුටු වෙන්න ඕනි නම් කැමති යම් දෙයක් කරන්න. ඔබට විනෝද වීමට අවශ්‍ය නම් කන්දක් නඟින්න පටන් ගන්න. ඔබට විනෝද වීමට අවශ්‍ය නම් පීනන්න ඉගෙන ගන්න. ඔබට විනෝද වීමට අවශ්‍ය නම් රැකියාවක් කරන්න. ඔබට විනෝද වීමට අවශ්‍ය නම් ඔබට බැහැ තව කෙනෙකුගේ හදවත පාවිච්චි කරන්න, ඔබේ විනෝදයට..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: