hit counter

2025 දෙසැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2023 ජූනි 23, ප.ව. 12:41



ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ අතුරුදහන් වූ සිසුවියන් දෙදෙනා අකුරුමුල්ල ප්‍රදේශයේ නිවසක සිටියදී සොයා ගැනීමට මීගහවත්ත පොලීසියට හැකිවී තිබෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දහසය හැවිරිදි සිසුවියන් දෙදෙනා පසුගිය 15 වෙනිදා මෙලෙස අතුරුදන්ව තිබුණා.

මොවුන් දෙදෙනා නිවසින් පිටවී කොළඹට පැමිණී ඇති අතර එහිදී එක් සිසුවියකගේ පෙම්වතා ඔහුගේ මිතුරෙකුගේ අකුරුමුල්ලේ නිවසේ නවාතැන් ලබාදීමට කටයුතු කර තිබුණා.

සිසුවියන් දෙදෙනා අතුරුදන් වීමෙන් පසු දෙමව්පියන් ඉඟිනියාගල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

“දැන් මේ විමර්ශන කරන්න එක්කන් යන්න හදන්නේ. මොකුත් මොකුත් තිබ්බේ නෑ. මේ ගෙදරින් අර පිටවෙලා ගිහින් තියෙන්නෙත් යාලුවෝ දෙන්නෙක් එක්කනේ. මේ එහෙම ගෙදර ප්‍රශ්නයක් තිබුන් නැහැ මේ දෙන්නාට. අපරාදේ ඉතින් සර් මේ ළමයින්ගේ නොදැනුවත්කම තමා ඉතින්. දෙමව්පියෝ ගැන හිතන්නේ නැතිකම තමයි ඉතින් කියන්න තියෙන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: