hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 05, ප.ව. 2:40



‘සක්සුරින්’ නමින් තායිලන්තයේ දී හැදින්වූ ඇත් පැටවෙකු මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබුණා.

2001 වසරේ දී මෙරටට පරිත්‍යාග කළ එම ඇත් පැටවා ‘මුතුරාජා’ ලෙස මෙරටේ දී යලි නම්කර අලුත්ගම කන්දේ විහාරයේ භාරකාරීත්වය යටතට පත්කර තිබෙනවා.

එතැන් පටන් වසර 22කට ආසන්න කාලයක් ‘මුතුරාජා’ගේ භාරකාරත්වය දැරූ අලුත්ගම කන්දේ විහාර පරිශ්‍රයේ දී ඇතාට හිංසා සිදුවන් බව විටින් විට වාර්තා වුණා.

ඒ සම්බන්ධව දේශීය මෙන්ම විදේශීය සත්ව ලෝලයින්ද ත අවධානය යොමුකර තිබුණා.

දිගු කලක් පුරා සිදුවූ බලපෑම හේතුවෙන් ඊයේ (02) අලුයම ‘මුතු රාජා’ හෙවත් ‘සක්සුරින්’ යළිත් සිය උපන් බිම වූ තායිලන්තය වෙත රැගෙන ගියා.

ඒ රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින්.

මේ අතර තායිලන්තයට ගෙන්වා ගත් මුතු රාජා හෙවත් සක් සුරීන් ඇතා තම භාරයට ගැනීම තායිලන්ත රජු එකඟ වී ඇති බව එරට පරිසර අමාත්‍ය වරාවුත්ය සිල්වා ආර්චා මහතා පැවැසුවා.

එසේම තායිලන්ත අලි ඇතුන් “සන්නාම තානාපතිවරුන්” ලෙසින් පිටරට යවා ඇති අතර, ඔවුන් සත්කාරක රටවල් හොඳින් රැකබලා ගැනීමේ හැකියාව ඇති බැවින් ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් හොඳින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් තමාට දන්වා ඇති බව ද ඔහු පැවසුවා.

සක් සූරීන් දැනට ලම්පෑන්ග් පළාතේ හැන්ග් චැට් දිස්ත්‍රික්කයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටිනවා.

සක් සූරීන් දකුණු ඇසේ සුද රෝගයෙන් පෙළෙන බවත්, ඔහුගේ ඉදිරිපස වම් පාදය නැමිය නොහැකි බවත්, ඔහුගේ උකුල් වල තුවාල ආසාදනය වී ඇති බවත්, ඔහුගේ නියපොතු සහ පාද හතරේම ගැටළු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

කෙසේ වෙතත්, දින 30ක නිරෝධායන කාලයෙන් පසු අලියා සම්පූර්ණයෙන් පරීක්ෂාවට ලක් කරන බව පැවසූ ඔහු, සියලු රෝගවලින් සම්පූර්ණ සුවය ලැබෙන තුරු ප්‍රතිකාර ලබා දෙන බවද සඳහන් කළා.

කෙසේ වෙතත් ඇතා හොඳ පරිසරයක ජීවත් වන නිසාත්, විවේක ගැනීමට බොහෝ කාලයක් ඇති නිසාත්, හොඳ මනෝභාවයකින් සිටින බව, වරාවුත් පැවසුවේ, ඔහු සම්පූර්ණ සුවය ලැබීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවයි.

මුතුරාජාගේ තායිලන්ත ගමනේ සිව්වන දිනය වන අද දිනයේ මුතුරාජා හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වන විට නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: